ළඟම ලිපිය

Thursday, June 15, 2017

අදටත් පවතින ම්ලේච්ඡ චාරිත්‍ර...

Real People: Liya Kebede is Waris Dirie in Movei of Desert Flower
ලිංගික ම්ලේච්ඡත්වය මේ ලෝකයේ අදටත් සිද්ධ වෙනවා. මිනිස් ඇස් පනාපිටම. ඒකට හොඳම හෙලිදරව්වක් තමයි ‘කාන්තාරයේ කුසුම’. සමහර විට ඔබ මේ පොත කියවලාත් ඇති. ඇස්තමේන්තුගත තොරතුරුවලට අනුව රටවල් තිහක පමණ මෙය සිදුවෙනවා. සෝමාලියාව, උගන්ඩාව, කෙන්යාව, එරිත‍්‍රියාව වැනි අප‍්‍රිකානු රටවල් ද ආරාබි රටවල්වල අදටත් කාන්තා ජනනේන්ද්‍රීය කොටස් සුන්නත්කරණය කිරීමේ ම්ලේච්ඡ චාරිත‍්‍රය පවතිනවා.
කාන්තා ජනනේන්ද්‍රිය කොටස් සුන්නත්කිරීමේ කාර්ය අනාගතයේ විවාහයට සූදානම් කිරීමක් ලෙසින් එකී රටවල සිදු කළ ද මෙහි ඇති අනාරක්ෂිත බව සහ සෞඛ්‍යාරක්ෂාවකින් තොර වීම හේතුවෙන් මිලියන ගණනක් දැරියන් අවධානමේ සිටින බවයි පැවසෙන්නේ. ඒ සඳහා යොදාගන්නා උපකරණවල ස්වරූපය පවා පොතේ සඳහන් වනවා. ගල් යුගයේ චාරිත‍්‍රයක් වශයෙන් සැලකිය හැකි මේ කර්තව්‍යය ලෝකයට හෙලි කරමින් එම තත්වයේ ඇති සංකීර්ණතාවය පහදමින් මීට එරෙහිව මේ වන විටත් වාරිස් ඩයරි කටයුතු කරනවා. කාන්තාරයේ කුසුම-Desert Flower ඇගේ ව්‍යාපෘතියේ නමයි.
වාරිස් ඩයරි කියන්නේ මේ කෘර වධ හිංසාවට වයස අවුරුදු පහේදී මුහුණ දුන් කෙනෙක්. මෝස්තර නිරූපන ශිල්පිනියක වන වාරිස් මේ වන විට කාන්තා ක‍්‍රියාකාරිනියක වශයෙන් කටයුතු කරනවා. මැය සිය ජීවිත කතාව ලෝකයට හෙලි කරන්නේ 1997 වසරේදීයි.වාරිස් ඩයරිගේ මේ නිර්ව්‍යාජ හෙලිදරව්වත් සමග මුලූ ලෝකයක් කම්පා වූ අතර ප‍්‍රාථමික සංස්කෘතික ලක්ෂණ රැකීමට වෙර දරන මෙවන් සමාජ තත්වයන් අදට ඔබිනවාද යන්න ඇය ප‍්‍රශ්න කළා.
එකී සමාජයන්ට කාන්තාවන් සිය විවාහයට සූදානම් වීම අරභයා සිදු කර ගත යුතු පුණ්‍ය කර්මයක් බදු වූ මෙකී චාරිත‍්‍රය කලාව" සාහිත්‍ය" තාක්ෂණය අතින් සීග‍්‍ර දියුණුවක් ලැබූ වර්තමානයට ගැලපෙනවාද යන්න සිතා බැලීම වටිනවා. එමෙන්ම එකී සමාජ ස්ථරයන් දැනුවත් කිරීමේ කාර්යය නූතන මාධ්‍යයේ සමාජ කාර්යම නේද? සෝමාලියාව කිවූ සැනින් සිහි වන සාගතයෙන් පීඩිත රටක දේශපාලනික අවුල් වියවුල් පමණක් නොවෙයි අසාමාන්‍ය සහ කෘර ගෝත‍්‍රික ලක්ෂණයන් ද ඇති බව සිතීමට ඇය කාලය දී හමාරයි. විවෘත නොවී කටයුතු කරන තාක් මෙවන් ගැටලුකාරී තත්වයන් නොවිසඳී ඒ ආකාරයෙන්ම පවතිනු ඇත.
නලිනිකා ලක්ෂාණි

3 comments:

  1. People love spending time together, and multiplayer games with friends make that experience even better. Instead of playing alone, everyone gets to compete, laugh, and enjoy moments together. It turns ordinary gaming into a shared memory full of excitement and fun

    ReplyDelete
  2. ඔබට මාගේ ගෞරවය

    ReplyDelete
  3. ඔබට මාගේ ගෞරවය

    ReplyDelete

Thank You!