ළඟම ලිපිය

Showing posts with label දැනුමට... Show all posts
Showing posts with label දැනුමට... Show all posts

Thursday, June 15, 2017

තෙත්බිම් ගැන කෙටියෙන්...

"තෙත් බිමක් කියලා තෙත් බිම් පිළිබඳ රැම්සා අර්ථකථනයේ සඳහන් වෙන්නේ බාදිය මට්ටමේ ඉඳලා මීටර් හයට අඩු මුහුදු ප‍්‍රදේශයත් ඇතුළත්ව ගලායන හෝ නිශ්චලව පවත්නා වූ මිරිදිය, කිවුල් දිය හෝ ලවණ දියෙන් තාවකාලිකව හෝ ස්ථිරව යට වී ඇති කෘතී‍්‍රම හෝ ස්වාභාවික වගුරු බිම්, විල්ලු, ජලාශ හෝ ජල මාර්ග, ඇල ඉඩම්, පිට ඉඩම්" යනුවෙනුයි.
Forest Preserves of Cook Country

 1971 ලෝක තෙත් බිම් දුරු කරලීමේ අරමුණින් රැම්සා සම්මුතියට අත්සන් තැබීමත් සමඟ වාර්ෂිකව පෙබරවාරි 02 වැනි දාට තෙත් බිම් දිනය සමරනවා. 1991 දී තමයි ශ්‍රී ලංකාව මේ සම්මුතියට අත්සන් තබන්නේ. මේ අනුව ශ්‍රී ලංකාව තුළ රැම්සා තෙත්බිම් විදියට, බූන්දල අභය භූමිය, ආනවිලුන්දාව, මාදු ගඟ, වාන්කැලේ අභය භූමි සහ කුමන, විල්පත්තුව ජාතික වන උද්‍යාන නම්කර තිබෙනවා. ඒත් එක්කම ශ්‍රී ලංකාවේ තෙත් බිම් කාණ්ඩ තුනක් යටතේ වර්ග කරලාත් තිබෙනවා. ඒ තමයි

  • ගංගා, ඇළදොළ, විල්ලු, මිරිදිය වගුරු, වනාන්තර ඇතුළත් අභ්‍යන්තර මිරිදිය තෙත්බිම්
  • කුඹුරු, වැව්, ජලාශ ඇතුළත් කෘත්‍රිම තෙත්බිම් සහ
  • මෝය, කඩොලාන, කලපු, කොරල් පර, මුහුදු තෘණ බිම් ඇතුළත් වන කරදිය තෙත් බිම්.


මූලිකව ම පාරිසරික සමතුලිතතාව පවත්වා ගැනීමට සෘජු දායකත්වයක් ඉටු කෙරෙන මෙම තෙත්බ්ම් වල පැවැත්ම සම්බන්ධයෙන් වර්තමානය වන විට ගැ‍ටලුකාරී තත්වයන් රැසක් උද්ගතව තිබෙනවා. ඒ සඳහා මුලිකවම බලපා තිබෙන්නේ අවිධිමත් මිනිස් ක‍්‍රියාකාරකම්. ඒ අතර
තෙත්බිම් ආශ‍්‍රිතව අපද්‍රව්‍ය බැහැර කිරීම,
මිනිස් කටයුතු සඳහා තෙත්බිම් ගොඩ කිරීම,
තෙත්බිම් වල අනවසර ඉදිකිරීම් සිදු කිරීම හා
තෙත්බිම් වල පවත්නා ජෛව විවිධත්වයට හානිකර වන ආකාරයට කටයුතු කිරීම
කැපී පෙනෙන ගැටලූ බවට පත්ව තිබෙනවා. මොන තරම් විධි විධාන යෙදුවත් මිනිස්සු අවිධිමත් ආකාරයට සිදු කරනු ලබන මාලූ ඇල්ලීම් හා කඩොලාන ශාක කපා ඉවත් කිරීම දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. ඊට විකල්පයක් විදිහට මෑතකාලීනව පරිසර අධිකාරිය හා සමුද්‍රීය පරිසර ආරක්ෂක ඒකකයේ මුලිකත්වයෙන් කඩොලාන ශාක වගා කිරීමේ ව්‍යාපෘතියන් ද ක‍්‍රියාත්මක කරමින් පවතිනවා. රටට අවශ්‍ය පාරිසරික සමතුලිතතාව වගේ ම තවත් අතකට මිනිසාගේ එදිනෙදා පැවැත්මට විශාල දායකත්වයක් ලබා දෙන මේ පරිසර ප‍්‍රජාව, තවත් අතකට අපේ රටේ සංචාරක ආකර්ෂණය වැඩි කිරීමටත් ප‍්‍රබල දායකත්වයක් සපයනු ලබනවා.
ආපදා අවම කිරීම සඳහා තෙත්බිම්-Wetlands for disaster risk reduction යනුවෙනුයි 2017 වසරේ ලෝක තෙත් බිම් දිනයට තේමා වුණේ. තෙත්බිමක වටිනාකම නංවාලන වැඩසටහන් රාශියක් මේ සමග ක්‍රියාත්මක වුණා. නමුත් වර්ෂා සමයේ දී ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශ ඉතා ඉක්මණින් ජලයෙන් යට වන තත්වයක් උදා වී ඇත. මේ තත්වය මිනිසුන්ගේ ජීවිතයට තර්ජනයක් වී හමාරය. තෙත්බිම් ගොඩකර යළි යළිත් ආපදා ගෙන්වා ගැනීමට ඔබත් කැමතිද? නැත්නම් ඊට නිසි පිළියම් යොදනවාද? කියන කාරණය අනිවාර්යයෙන් ම සිතා බැලිය යුතු කාලයයි මේ.


නලිනිකා ලක්ෂාණි

අදටත් පවතින ම්ලේච්ඡ චාරිත්‍ර...

Real People: Liya Kebede is Waris Dirie in Movei of Desert Flower
ලිංගික ම්ලේච්ඡත්වය මේ ලෝකයේ අදටත් සිද්ධ වෙනවා. මිනිස් ඇස් පනාපිටම. ඒකට හොඳම හෙලිදරව්වක් තමයි ‘කාන්තාරයේ කුසුම’. සමහර විට ඔබ මේ පොත කියවලාත් ඇති. ඇස්තමේන්තුගත තොරතුරුවලට අනුව රටවල් තිහක පමණ මෙය සිදුවෙනවා. සෝමාලියාව, උගන්ඩාව, කෙන්යාව, එරිත‍්‍රියාව වැනි අප‍්‍රිකානු රටවල් ද ආරාබි රටවල්වල අදටත් කාන්තා ජනනේන්ද්‍රීය කොටස් සුන්නත්කරණය කිරීමේ ම්ලේච්ඡ චාරිත‍්‍රය පවතිනවා.
කාන්තා ජනනේන්ද්‍රිය කොටස් සුන්නත්කිරීමේ කාර්ය අනාගතයේ විවාහයට සූදානම් කිරීමක් ලෙසින් එකී රටවල සිදු කළ ද මෙහි ඇති අනාරක්ෂිත බව සහ සෞඛ්‍යාරක්ෂාවකින් තොර වීම හේතුවෙන් මිලියන ගණනක් දැරියන් අවධානමේ සිටින බවයි පැවසෙන්නේ. ඒ සඳහා යොදාගන්නා උපකරණවල ස්වරූපය පවා පොතේ සඳහන් වනවා. ගල් යුගයේ චාරිත‍්‍රයක් වශයෙන් සැලකිය හැකි මේ කර්තව්‍යය ලෝකයට හෙලි කරමින් එම තත්වයේ ඇති සංකීර්ණතාවය පහදමින් මීට එරෙහිව මේ වන විටත් වාරිස් ඩයරි කටයුතු කරනවා. කාන්තාරයේ කුසුම-Desert Flower ඇගේ ව්‍යාපෘතියේ නමයි.
වාරිස් ඩයරි කියන්නේ මේ කෘර වධ හිංසාවට වයස අවුරුදු පහේදී මුහුණ දුන් කෙනෙක්. මෝස්තර නිරූපන ශිල්පිනියක වන වාරිස් මේ වන විට කාන්තා ක‍්‍රියාකාරිනියක වශයෙන් කටයුතු කරනවා. මැය සිය ජීවිත කතාව ලෝකයට හෙලි කරන්නේ 1997 වසරේදීයි.වාරිස් ඩයරිගේ මේ නිර්ව්‍යාජ හෙලිදරව්වත් සමග මුලූ ලෝකයක් කම්පා වූ අතර ප‍්‍රාථමික සංස්කෘතික ලක්ෂණ රැකීමට වෙර දරන මෙවන් සමාජ තත්වයන් අදට ඔබිනවාද යන්න ඇය ප‍්‍රශ්න කළා.
එකී සමාජයන්ට කාන්තාවන් සිය විවාහයට සූදානම් වීම අරභයා සිදු කර ගත යුතු පුණ්‍ය කර්මයක් බදු වූ මෙකී චාරිත‍්‍රය කලාව" සාහිත්‍ය" තාක්ෂණය අතින් සීග‍්‍ර දියුණුවක් ලැබූ වර්තමානයට ගැලපෙනවාද යන්න සිතා බැලීම වටිනවා. එමෙන්ම එකී සමාජ ස්ථරයන් දැනුවත් කිරීමේ කාර්යය නූතන මාධ්‍යයේ සමාජ කාර්යම නේද? සෝමාලියාව කිවූ සැනින් සිහි වන සාගතයෙන් පීඩිත රටක දේශපාලනික අවුල් වියවුල් පමණක් නොවෙයි අසාමාන්‍ය සහ කෘර ගෝත‍්‍රික ලක්ෂණයන් ද ඇති බව සිතීමට ඇය කාලය දී හමාරයි. විවෘත නොවී කටයුතු කරන තාක් මෙවන් ගැටලුකාරී තත්වයන් නොවිසඳී ඒ ආකාරයෙන්ම පවතිනු ඇත.
නලිනිකා ලක්ෂාණි

Saturday, January 14, 2017

තෛයි පොන්ගල්....
Pongal Festival in Thirunelveli-Kathmandu 2017 (Mani Prabhu's Photo)

අස්වනු නෙලීමේ උත්සවය යන නමින් හඳුන්වන පොන්ගල් උත්සවය යෙදෙන්නේ අවුරුද්දේ පළවෙනි මාසයට. දමිළ වචනයට අනුව පොන්ගල් කියන්නේ 'උතුරා යාම' එහෙමත් නැත්නම් 'පිටාර ගැලීම' කියන තේරුම. සාරවත් අස්වැන්න ගොවියාට ලබා ගැනීමට හැකිවීම වෙනුවෙන් හිරු දෙවියන්,වැස්ස සහ අස්වනු සකස් කිරීමට දායක වන සතුන් පිදීම තමයි මෙහිදී කරන්නේ. හින්දු භක්තිකයන් විසින් වසරේ පළමු අස්වැන්න මේ විදිමට සූර්ය දෙවියන් උදෙසා පූජා කරනු ලබනවා. දින ගණනාවක් තිස්සේ හින්දු ජනතාව පොන්ගල් අවුරුද්ද වෙනුවෙන් සූදානම් වෙනවා. අලුත් ඇඳුම් මිළදී ගැනීම, නිවෙස් පිරිසිදු කිරීම, රසකැවිලි පිළියල කිරීම ඔවුන්ගේ කටයුතු අතර ප්‍රධානයි.
කොහොම වුණත් පොන්ගල්වලට තමිල්නාඩු ප්‍රසිද්ධ බව කවුරුත් දන්න කාරණයක්. මොකද පොන්ගල් උත්සවය ආරම්භ වන්නේ තමිල්නාඩුවෙන් කියලයි සඳහන් වෙන්නේ. තමිල්නාඩු ප්‍රාන්තයේ තිරුනෙල්වෙලි ප්‍රදේශයේ මිත්‍රෙයක් සඳහන් කරපු විදිහට ඒ අය පොන්ගල් සමරන්නේ දින හතරකදී. ඒ දින හතර නම් කරන්නේ,
පළමු දිනය 'භෝගී දිනයේදී' පරණ සියලු පරණ ඇදුම් ආදිය පුලුස්සා පරණ දේවල් අමතක කර අලුත් දිනයක් ප්‍රාර්ථනා කරන බවත්, දෙවන දිනය 'තෛයි පොන්ගල්' දිනය හෙවත් ප්‍රධාන දිනය බවත්, තුන්වන දිනය 'මට්ටු පොන්ගල්' දිනයේදී සිය ගවයින් පිරිසිදු කිරීම, ඔවුන්ට ස්තූති කිරීම සහ වන්දනා කිරීම ආදියත්, හතරවන දිනය 'කන්නම් පොන්ගල්' දිනයේදී සියලු නෑදෑ හිත මිතුරන් හා සතුටු වන බවයි ඔහු පැවසුවේ. තමිල්නාඩුවේ ජනවාරි 14 වන සෑම දිනයම තෛයි පොන්ගල් දිනයට වෙන්වෙලා තියනවා.
'පොන්ගල් බත' තෛයි පොන්ගල් උත්සවයේදී සුවිශේෂිතම ආහාරයයි. සහල්, කිරි සහ දුඹුරු සීනි හෝ හකුරු, කජු ආදිය යොදමින් සකසන මේ ආහාරය හිරු දෙවියන් උදෙසා පුදනවා.  සම්ප්‍රදායට අනුව මේ ආහාරය 'පොන්ගල්' කියලා හඳුන්වනවා. ඒ අතර වඩේ, මුරුක්කු, පායාසම් ඥාතීන් අතර බෙදා හදා ගන්නවා. ගොවියන් තමන්ට ගොවිතැනේදී උදව් කරන ගවයින් පිරිසිදු කරමින් ඔවුන් වර්ණ කරමින්, සීනු සහ මල් ආදිය එල්ලමින්, රසකැවිලි කවමින් හෝ උක්දඩු ආදිය කවමින් ගවයින්ට සලකයි. ඇතැම් පුද්ගලයින් සිය ගවයින්ගේ අං සරසන්නේ රත්තරනින්.



Sunday, October 16, 2016

          දේශගුණය වෙනස් වෙමින් පවතියි.

             හැකි පමණ ආහාර හා වගාවන් බහුල කරමු.

www.fao.org
අපි කවුරුත් කැමතියි නීරෝගීව හා සෞඛ‍්‍යය සම්පන්නව ජීවත් වීමට. ඒ විදිහට නීරෝගීව ජීවත් වෙන්න නම් සෞඛ‍්‍යයවත් ආහාර ගත යුතුයි. අවුරුද්දේ දින අතරට ආහාර දිනය එකතු වෙන්නේ 1945 වර්ෂයේ සිටයි. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් ඔක්තෝබර් 16 සෑම වසරකම ලෝක ආහාර දිනය ලෙස සමරනු ලබයි. ගෝලීය වශයෙන් සාගින්නෙන් හා දරිද්‍රතාවයෙන් පෙලෙන අයවලුන් කෙරෙහි අවධානය යොමු කරවීමට මෙම දිනයේ දී අවධාරණය කරවයි. මෙවර තේමාව වන්නේ  “Climate is changing. Food and agriculture must too” යන්න යි. ‘දේශගුණය වෙනස් වෙමින් පවතියි. හැකි පමණ ආහාර හා වගාවන් බහුල කරමු.’ එහි අරුතයි. ලෝක ආහාර අවශ්‍යතාවය සපුරාලීම උදෙසා මුලිකවම කෘෂිකර්මාන්තය වැදගත් කොටසක් හිමි කර ගැනීම ඊට හේතු වන බැවින් බොහෝ වසර වල තේමාව කෘෂිකර්මාන්තය මුල් කර ගනිමින් නිර්මාණය වී ඇත. සමස්ත එක්සත් ජාතීන්ගේ රටවල් මෙම දිනය සමරයි. ඒ ගෝලීය සාගින්න හා දරිද්‍රතාවය පිළිබද විවිධ ගැටලු නිරීක්ෂණය කිරීමට හා ඒ සදහා විසඳුම් මතුකර ගැනීම උදෙසාය.
ලෝකයේ සාගින්නෙන් පෙලෙන ජනයා ජීවත් වන රටවල් අතරින් සුඩානයේ සිදුවූ සිදුවීමක් අමතක කළ නොහැක. කෙවින් කාටර් නම් දකුණු අප්‍රිකානු ඡායාරූප ශිල්පියා විසින් ලබා ගත් ඡායාරූපයක සටහන් වන්නේ 1993 මාර්තු මාසයේ දිනයක් ඔහු දකුණු සුඩානයේ සංචාරයක නිරත වීමකදී තම කැමරා කාචයේ සටහන් වන්නේ ගිජුලිහිනියකුගෙ හා මන්දපෝෂණයෙන් පෙලෙන කුඩා දරුවකුගෙ රුවකි. දැඩි නියඟයෙන් පීඩා විදින සුඩාන වැසියන්ට වියළි සලාක ලබා  ගැනීමට සැතපුම් ගණනාවක් පයින් ඇවිද යා යුතු විය. ඒලෙස ඇවිද යන දරුවකු ගිමන් නිවා ගැනීමට නතර වූ අවස්ථාවක ගිජුලිහිනියකු ඒ දරුවාව ගොදුරක් කර ගැනීමට මාන බලන අවස්ථාවකි. අන්ත දූගී බවෙන් මිරිකුන සුඩානයේ සැබෑ ස්වරූපය තම කැමරා කාචයේ සටහන් කර ගැනීම ඔහුගේ අරමුණ වුවත් පසුව ඒ දරුවාට සිදුවන දෙය පිළිබඳව අවධානය යොමු වීමේදී ඡායාරූප ශිල්පියාට සියදිවි නසා ගැවීමට තරම් කම්පනයක් ඇති විය.
සාගින්නෙන් පෙලෙන ජනයා මෙලෙස පීඩා විඳිත්දී ලෝකයේ තව පිරිසක් බඩ කට පිරෙන්නට  ආහාර ගනී. මෙය ආර්ථික සමාජීය සංස්කෘතික අසමානතාවයේ ස්වභාවයයි. ලෝක ආහාර දිනයේ අරමුණ ඒ පිළිබඳව අවධානය යොමු කිරිමයි. පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා ගැනීම අප කාගේත් අවශ්‍යතාවයකි. එය මිනිසාගේ මූලික අවශ්‍යතාවන්ගෙන් එකකි. දේශගුණය වෙනස් වෙමින් පවතී. ආහාර සහ කෘෂිකර්මාන්තයට මෙයින් බලපෑම්  ඇති වේ. එබැවින්  එය නිසි පරිදි පවත්වාගත යුතුයි. වස විස රහිතව වගා කිරීම, පරිසරය ආරක්‍ෂා කිරීම, වන සත්ත්වයින් ආරක්‍ෂා කිරීම ආදිය පවා ආහාර දිනයේදී අවධානයට ගත යුතුය. ගොවියන්, මත්ස්‍ය වෙළඳුන් ග්‍රාමීය පරිසරයේ ජීවත් වන්නන් පරිසරය සමඟ ඍජුවම අර්බුදයට ලක් වන අතර මෙයට අමතරව සිටින වෙළඳ සහ පාරිභෝගික පිරිස වක්‍රාකාරව අර්බුදයේ සිටී. ලෝක ජනගහනය ඉහළ යාමේ ප්‍රමාණයත් සමඟ කෘෂිකාර්මික සහ ආහාර තාක්ෂණික ක්‍රියාවලියත් සක්‍රීයව වර්ධනය විය යුතුය. ඒ යහපත් අන්දමිනි. ආහාර ගබඩාකරණය, ඇසුරුම්කරණය, ප්‍රවාහනය, වෙළඳපල ආදී සියල්ල මේ හා බැඳී තිබේ.  කෙසේ වුවත් ලෝකයේ සාගින්නෙන් පෙලෙන්නන් අවම කිරීම සියල්ලන්ගේ ම අරමුණ විය යුතුයි.
 නලිනිකා ලක්ෂාණි

Sunday, August 14, 2016

මාස්ටර් සර් ගීතය...

විෂම වූ සමාජ ප‍්‍රවාහයක් තුළ ජීවත් වන සංස්කෘතිකගත මිනිසාට නොයෙක් ආකාරයේ පීඩාකාරී සිදුවීම් සහ අත්දැකීම් වලට නිරන්තරයෙන් මුහුණ දීමට සිදු වේ. මිනිසාට ගෞරවයෙන් ජීවත් වීමට අවකාශය  නැත්තේ සමාජමය කාරණා රැුසක් ඔවුන් වටා එතී ඇති හෙයිනි. විෂම සමාජ පසුබිමක් මතින් උත්පාදනය වන පීඩනය , නිමල් මෙන්ඩිස් නම අසහාය ගීත රචකයා අතින් අරුත් ගැන්වෙන්නේ අපූර්ව වස්තූක්ෂමා ප‍්‍රතිභාවකිනි. සිය පෞද්ගලික අත්දැකීමක් වස්තුවිෂය කරගනිමින් රචිත ගීතයෙන් සමාජ විවේචනාත්මක බව නිරූපනය කරන්නේ කම්පනය සිත්හි පෙරදැරි කරගෙනය. ඉංග‍්‍රීසි බසින් ඔහු රචනා කරන ගීතය කරුණාරත්න අබේසේකරයන් ගේය පද සංකල්පනාවෙන් සිංහලයට පරිවර්ථනය වන්නේ 1975 දී තිරගත වූ මණික් සන්ද්‍රසාගර අධ්‍යක්ෂණය කළ කළු දිය දහර සිනමා සිත්තම වෙනුවෙනි. සිනමාපටයේ නෙවිල් ප‍්‍රනාන්දු ශූරින්ගේ  ඉංග‍්‍රීසි මධුර මනෝරම්‍ය සුගායනයෙන් ආලම්බිත පද සංරචනය සිංහලයට පරිවර්ථනය වන්නේ 
පනම් අටෙන් මට වැඩි කර දුන්න
හැකි වුණත් බත් මිටක් දරුවට කවන්න
මාස්ටර් සර් මගෙ හිමි තැන දෙනවාද
                                  අනේ සර් අනුකම්පා නොසිතේදෝ....!                 ලෙසිනි.

කම්කරු ජනතාවගේ සමාජ සාධාරණත්වය වෙනුවෙන් සහ ඔවුන්ට හිමි ගෞරවය වෙනුවෙන් නගන හඬ ගීතයේ වස්තුබීජයයි. අත්දැකීමක් පරිකල්පනය කිරීමේදී පොත පතින් මෙන් ම ජීවිතානුභූතියෙන් ද ලබන දැනුම හෙවත් ව්‍යුත්පත්ති ඥානය ඉතාමත් වැදගත් වන බවට මෙම ගීතය සන්නිදර්ශකයකි. නිමල් මෙන්ඩිස් මහතා එංගලන්තයේ සිටි කාලයේදී ඔහුට සිය කළු හම හේතු කොට ගෙන එරට පිරිසක් විසින් පහර දුන් කම්පනකාරී සිද්ධිය සහ හෙතෙම  නිරන්තරයෙන් සමාජය සමඟ බද්ධ වීමෙන් ලද ආභාසය මෙම ගීතයට උත්පාදක ශක්තිය වී ඇති බව විද්‍යමාන වේ. පනමට හිමි වන්නේ අවම වටිනාකමකි. අවප‍්‍රමාණය වූ සොච්චම් මුදලකින් කුටුම්භය පෝෂණය කළ හැකි ආකාරය ප‍්‍රබල උපහාසයකින් මෙහි කුලූගන්වා ඇත. හම්බ කර ගන්නා සුළු වේතනයෙන් මහා පරිමාණයේ රස බොජුන් මිළදී ගත නොහැක. "බත්  මිටක් යන යෙදුමෙන් උපහාසත්මක බව ප‍්‍රබලව ඉස්මතු වී පෙනේ.

මෙම ගීතයේ තනු නිර්මාණය සුභාවිත ගීත කලාවට සදාතනික වටිනාකමක් එක් කරන ලදි. නිමල් මෙන්ඩිස් ශූරින් මෙම ගීත තනුව විවිධ ගායකයන්ගේ සහ ගායිකාවන්ගේ හඬ පෞර්ෂයය සමඟ සුසංයෝජනය කළ අපූර්ව සංගීතවේදියෙකි. නීලා වික‍්‍රමසිංහ, නෙවිල් ප‍්‍රනාන්දු සහ තවත් ගායකයින් කිහිප දෙනෙකු ම මෙම ගීතය බටහිර ශෛලිය ඇතුලූ විවිධ ධාරා ඔස්සේ ගායනා කර ඇත. ගේය පද සංකල්පනාව මෙන්ම මනරම් සංගීතය සහ තනු නිර්මාණයෙන් ද ප‍්‍රතීයමාන වන්නේ වැඩවසම් සමාජ ක‍්‍රමය තුළ පීඩිත පන්තියේ ආයාචනාත්මක හ`ඩ ස්වරයයි.  සමාජයේ පවත්නා  යම් දුර්මතයන් හඬ නගා පැවසීමට නොහැකි තැන්හි දී ගීතයන් බිහිවේ. විරෝධාකල්පක් ඉදිරිිපත් වන  ඕනෑම නිර්මාණයකදී පවතින සමාජ සම්මත සහ සමාජ සංස්කෘතික කාරණා  විවේචනයට ලක් කිරීම සිදුවේ. පවතින සමාජයේ කඨෝර අනුභූතින් ප‍්‍රකට කර ඊට ප‍්‍රතිපක්ෂ නව ජීවිතයක් උදෙසා නව පුරුෂාර්ථ විවරණය කරන්නේ කර්කශ හෝ සියුම් අන්දමේ ව්‍යංග්‍යාර්ථවත් සහ උපහාසාත්මක වාග් මාලාවෙනි. කුමන ආකාරයෙන් ඉදිරිපත් කල ද සිදු වන්නේ  සමාජය පිළිබඳ විරෝධාකල්පයක් ඉදිරිපත් කිරීමකි.
නිමල් මෙන්ඩිස් ශූරීන්

එංගලන්තයේ පමණක් නොව මෙරට ද වර්තමානය වන විටත් පවතින වර්ග භේදය සහ වර්ණ භේදය පිළිබඳව මාස්ටර් සර් ගීයෙන් ඉදිරිපත් කරයි. නිමල් මෙන්ඩිස් ශූරීන් එංගලන්තයේ සිට පැමිණ කාලයක් වතුකරයක වගාවක යෙදී සිටි අතරවාරයේදී ලද අත්දැකීම් මෙම ගීතයේ අපූර්වාකාරයෙන් සංයෝජනය කර ඇත. වතුකරයේ දෙමළ ජනතාව ඔහුට මාස්ටර්  යනුවෙන් ද සිංහල ජනතාව සර් යනුවෙන් ද ආමන්ත‍්‍රණය කරන ආකාරය යොදා ගන්නා අතරම සර්වභෞමික, සර්වකාලීන සහ සර්වපුද්ගල බද්ධ කාරණයක් වශයෙන් එය පැවතගෙන එන අයුරු මෙහි නිරූපිතය. බැගෑපත්ව සහ ආයාචනාත්මකව කම්කරුවා තමන්ට හිමි නිසි තැන අයදියි. උච්ච ස්වර පරාසයක විහිදෙන තනු රටාව කඹ අදින අවස්ථාවක ඇති උණුසුම්කාරී සහ උද්වේගකර ස්වරූපය චිත‍්‍රණය කරවයි. සේවකයා සහ ස්වාමියා අතර ඇති ද්විපාර්ශවික ගණුදෙනුව යහපත් අන්දමින් අවසන් වීමක් දකිනුයේ කෙදින ද යන්න ප‍්‍රශ්න කරයි. එමෙන් ම ප‍්‍රශ්න කිරීම බලාපොරොත්තුවක් කර ගැනීම ද මෙහිදි කැපී පෙනේ. 
අප අතරේ කඹ ඇදිල්ලේ තරඟෙ මේ
නිම වෙන්නට කල් ගත වීදෝ
අනේ සර් අපි මිතුරන් වෙයිදෝ
එදා දවස උදා වේවිදෝ....!
ධනේෂ්වර නිෂ්පාදන ක‍්‍රමය තුළ දේපළින් මුළුමනින් ම වියෝජනය කරනු ලැබ සිටින නිර්ධන පන්තිය ඒ හේතුවෙන් ම සකලවිධ සංස්කෘතියෙන් වියෝ කෙරුණු පන්තියකි. සිය දිවි පැවැත්ම උදෙසා තම ශ‍්‍රම ශක්තිය ධනපති පන්තියට විකිණීමට කම්කරුවාට බල කෙරී ඇත. ධනේෂ්වර ක‍්‍රමය යටතේ සකලවිධ ශ‍්‍රමය වැටුප් ශ‍්‍රමය බවට පරිවර්ථනය වී ඇත. කම්කරු පන්තියේ පරිපූර්ණ විමුක්තිය ළඟා කර ගත හැක්කේ පන්ති සංස්කෘතිය ඉක්මවා ගිය ගැළපෙන සංස්කෘතික රටාවක් ඇති කළහොත් පමණි. එනම් කම්කරුවාට ගැළපෙන මට්ටමකට නැඹුරු කරවා ගැනීමකි. "මාස්ටර් සර්ගීතයෙන් කියවෙන්නේ එය ම පව විද්‍යමාන වේ. කවදා කොයි මොහොතක මෙම එකිනෙකට පරස්පර විරෝධී ක‍්‍රියාවලිය නැවතී සුන්දර අනාගතයක් උදා වේදෝ යන ප‍්‍රශ්නාර්ථය රසික හෘද සන්තානයේ තැම්පත් කරවයි. සිය ජීවක අත්දැකීම සමාජ සම්මතයට ආරෝපණය කරන විලාසය විශිෂ්ටය. විදේශීය රටකදී සුදු ජාතිකයන්ගෙන් තමාගේ සමේ වර්ණය හේතුවෙන් ඔවුන්ගෙන් පහර කෑමට ලක්වීම මෙන් ම අතීතයේ පටන් ම ශ‍්‍රී ලංකාව ඈත බදු මුදල් ආදියෙන් රටවැසියා පීඩාවට පත් වූ ආකාරය මෙහිදී ව්‍යංග්‍යාර්ථවත් කරන බව පසක් වේ. අධිරාජ්‍යවාදින්ට යටත් වෙමින් ඔවුන් ඉදිරියේ දණින් වැටී සිටිමින් ඔවුන්ගේ අන්තේවාසිකයින් ලෙසින් සිටි ආකාරය මෙහි ප‍්‍රබලවම ව්‍යංග්‍යාර්ථවත් කරයි. පද සංඝටනාව කෙතරම් අපූර්වත්වයකින් යුක්ත දැයි විමසීමේදී සිය ජීවන අත්දැකීම අතීත සිදුවීම් සමඟ සමාන්තරව ගැළපෙන අයුරින් ගේය පද සංයෝජනය කිරීම අපූරු වස්තූක්ෂමා ප‍්‍රතිභාවයි. මේ සියල්ල චිත්තරූප මැවෙන ආකාරයේ පද සංකල්පනාවන්ය. මෙම සියළු කාරණා තුළින් නැවත ආගමනය වන්නේ පීඩිත පන්තියේ කම්කරුවාගේ ආයාචනය වෙතයි. කම්කරුවා සහ ස්වාමියා යන තත්වයන් මිත‍්‍රත්වය දක්වා පරිණාමය වන්නේ දෙපාර්ශවය අතර තිබූ දැඩි දුරස්ථ බව සහ පරස්පරතාවයයි. නිමල් මෙන්ඩිස් ශූරීන් සිය ගීත සඳහා වස්තුවිෂය කරගනු ලබන්නේ සිය පෞද්ගලික අත්දැකීම්ය. ශ‍්‍රාවකයාට සියුම්ව සංස්පර්ශ කළ හැකි මානව හැඟීම්, සංකල්පනාවන් හඳුනාගැනීමේ විරල ම හැකියාව මොහු සතුවීම කැපී පෙනේ. වැඩවසම් යුගය තුළ කුමන දේශයක වුව ද ඇති වන පීඩිත තත්වයන් සජීවී ආකාරයෙන්  ඉදිරිපත් කිරීම අපූර්වයය. නිර්මාණකරුවකු සිය භාවමය හැඟීම් ඉදිරිපත් කිරීමේදී එම හැඟීම පොදුභාවයට පත් වන්නේ නම් එය ඔහු සමඟ සැන්ඩ‍්‍රා එඞීමා ඉංග‍්‍රීසි බසින් ගායනා කරන මෙම ගීතය අබේසේකරයන්ගේ පද මාලාවට ගෙන ඒම කෘතහස්තය. නිර්මාණයක උත්කෘෂ්ට බව මෙයින් ගම්‍ය වන බව කිව යුතුමය.

There's a long long way for us to go -
Before this tug a war can come to an end- 
and when that day will be
Oh I don't know master
When can I call you friend…

It's not the extra fifty cents you pay me
Even tho 'I can feed my child one more spoonful of rice
Master sir, would you give me dignity
Master sir, will you treat me kind and nice..

ගීතයක ධ්වනිපූර්ණත්වයට පද සංරචනය මෙන් ම අර්ථාන්විත ස්වර රටා, ඖචිත්‍යවත් මධුර වූ සංගීත සංයෝජනයන් ප‍්‍රබුද්ධ රසිකයෝ අපේක්ෂා කරති. නෙවිල් ප‍්‍රනාන්දු ශූරීන්ගේ කළු දිය දහර සිනමා සිත්තමේ ගයන්නාවූ "මාස්ටර් සර්ගීතය ආරම්භයේදී ආමුඛ සංගීත ඛණ්ඩයේ යොදා ගන්නා සිතාරයේ සහ ගිටාරයේ ස්වර සංයෝජනය කම්කරු පන්තියේ ආයාචනාත්මක හඬ තීව‍්‍ර කිරීමට සමත්ය. ගීතය පුරාම ඇසෙන ගිටාරයේ තත් හඬ තාල වාද්‍ය භාණ්ඩයක හඩට වඩා ඉස්මතු වී ඇසේ. අතුරු වාදනයේදී යොදන වයලීන ස්වරය ගීතයේ බටහිර ශෛලිය මනාව තීව‍්‍ර කරයි. මෙය කම්කරුවාගේ ගෞරවය  සහ නිසි තැන  ආයාචනය කරන්නාක් බඳුය. විරෝධාකල්ප සාහිත්‍යයේ මූලික ලක්ෂණය වූ පවතින සමාජ ක‍්‍රමයක ජීවිත පරිපීඩනයට ප‍්‍රතිවිරුද්ධව පොදු ජනයාගේ වේදනා ගීතයට නැගීම මෙහිලා කැපී පෙනේ. නිර්මාණයක බාහිර අලංකරණ විධි වලට වඩා අන්තර්ගත දෘෂ්ටිය වඩාත් වැදගත් වන බව විරෝධාකල්පයේදී ඉස්මතු වී පෙනේ. ද්‍රව්‍යමය භාවිතයෙන් ජීවත්වීම අගය කොට සලකන සමාජයේ දයාවට කරුණාවට අනුකම්පාවට ඉඩක් නොමැත. පරාර්ථය සඳහා ස්වාර්ථය කැප කිරීම ද ධනපති සමාජයේ නොමැති ගුණ ධර්මයකි. මෙම ගුණදහම් වර්ධනය විය යුතුය. සමේ වර්ණයෙන් පෙනුමෙන් ආදියෙන් මිනිසුන් ඇගයීම සුදුසු නොවේ. සංවර්ධනය වී ඇතැයි සලකන දියුණු රටවල පවා අදටත් සමේ වර්ණය හේතුවෙන් සමාජය විභේදනය වී ඇත.

එබදු සිදුවීමක් මත ගොඩ නැගුණු නිර්මාණයක් හරහා ලෝකයට ප‍්‍රකාශ කළ හැකි සහ මිනිසාට සිතීමට කරුණු කාරණා රැුසක් ඇති බව පැවසීමට ගන්නා ප‍්‍රයත්නයට මෙම ගීතය සාක්ෂ්‍ය දරයි. ගීතයේ සමාජ මෙහෙවර අපූර්වයය. සමාජයේ පවතින තීරණාත්මක තත්වයක් කෙරෙහි ගීත රචකයා, ගායකයින්, තනු සහ සංගීත නිර්මාණ ශිල්පීන් දක්වා ඇති අනුපමේය කැප කිරීම අගනා බැව් පසක් වේ.

ගීතය:                පණම් අටෙන් මට වැඩි කර දුන්න.... (මාස්ටර් සර් ගීතය)
මුල් පද රචනය:  නිමල් මෙන්ඩිස් ශූරින් (ඉංගී‍්‍රසි බසින්)
පරිවර්තනය:      කරුණාරත්න අබේසේකර ශූරින් (සිංහල)
ගායනය:            නෙවිල් ප‍්‍රනාන්දු මහතා, නීලා වික‍්‍රමසිංහ මහත්මිය (සිංහල)
                          නිමල් මෙන්ඩිස් ශූරින් (ඉංග‍්‍රීසි)
 
නීලා වික්‍රමසිංහ මිය

නෙවිල් ප්‍රනාන්දු ශූරීන්



Monday, July 11, 2016

ලජ්ජා නවකතාව තුළින් නිරූපිත සමාජීය බලපෑම

ලජ්ජා නවකතාව තුළින් නිරූපිත සමාජීය බලපෑම




නිර්මාණයක් සමාජය ඉදිරියේ පිළිගැනීමට ලක් වන්නේ ද නොවන්නේ ද යන්න තීරණය වන්නේ අදාළ නිර්මාණයේ අන්තර්ගතය, සමාජීය සිදුවීම්, තත්වයන් මෙන්ම රජයේ ද මතයන් අනුවය. සිනමා කෘතියක්, ටෙලි නාට්‍යයක්, පුවත්පත් ලිපියක්, නවකතාවක් ආදිය වාරණය වේ නම් අනිවාර්යෙන් ඊට අදාළ හේතු පවතී. වාරණය හෙවත් අදහස් වලට මං ඇහිරීම වර්තමානය වන විට මාධ්‍ය ක්ෂේත‍්‍රයන්හි බහුලව දැකිය හැකිය. මිනිසාට පමණක් ලොව සෑම සත්ත්වයකුටම අදහස් ප‍්‍රකාශ කිරිමේ අයිතියක් ඇත. එහෙත් මිනිසා යන සත්ත්වයා විසින් තම නිෂේධ බලය භාවිත කරමින් ඒ නිදහස උදුරගෙන ඇත. අදහස් ප‍්‍රකාශ කිරීමේ ක‍්‍රියාවලියත් එයට බාධා පැනවීම හෙවත් වාරණයේ හැඩහුරුව හා ප‍්‍රමාණාත්මක බව නිර්ණය වන්නේ ඒ ඒ දේශයන්ගේ හා ඒ ඒ ජාතීන්ගේ ක‍්‍රියාකාරිත්වයන් මතය. වර්තමානයේ වාරණය ක‍්‍රියාත්මක වන ඉසව් ගණනාවක් අපට හදුනාගත හැකිය. ඒ අනුව බලන කල පුවත්පත්, ගුවන්විදුලි, රූපවාහිනී, චිත‍්‍රපට, විනෝදකතා පත‍්‍ර (චිත‍්‍රකතා) ආදිය යම් යම් සීමා තුළ වාරණයට ලක්වේ. මෙසේ විද්‍යමාන වන වාරණ විධි අතර

·     ආගමික වාරණයන්
·       සමාජ ස්තරයන්හි වාරණයන්
·       රාජ්‍ය වාරණයන්
·       සදාචාරමය වාරණයන්
·       ස්වයං වාරණයන්

හදුන්වා දීමට පුළුවන. වාරණයේදී මූලික සංස්කෘතික පරිසරය වැදගත් වුවත් එක් සංස්කෘතියකට සභ්‍ය දේ අනෙක් සංස්කෘතියට අසභ්‍ය විය හැකිය. ආගමික වාරණය ම`ගින් සිදු වන්නේ විවිධ ආගමික කණ්ඩායම් ම`ගින් සිදු කරන වාරණයයි. තම ආගමට එරෙහිව යම් දෙයක් සිදු වේ නම් හෝ ඊට අනුෂාංගික යම් යම් දේ ඉදිරිපත් වේ නම් ඒ සඳහා නැගී සිටීම මෙසේ යම් යම් කාලවල විවිධ අයුරින් වාරණ ඉදිරිපත් වී ඇත. නීතිමය බලතල ඇත්තේ රාජ්‍ය සතුවය. ඒ නිසා රජය කලා අංශයෙන්, අධ්‍යාපන අංශයෙන් දේශපාලන අංශයෙන් ආදී සෑම අංශයකින් ම වාරණය කිරීමට අවස්ථාව එළඹි විට එයට ඉදිරිපත් වේ. වාරණය හසුරුවන්නේ ජනතාව මිස අන් කවරකුවත් නොවේ. තොරතුරු පිපාසාවෙන් පෙළෙන ජනතාවට වාරණය තරම් බලවත් වචනයක් ප‍්‍රජාතන්ත‍්‍ර රාමුව තුළ නොමැත.
බංගලාදේශ ලේඛිකාවක වන තස්ලිමා නස්රින්ගේ වාර්තාමය නවකතා ශෛලියට අයත් මෙම නවකතාව මුද්‍රණය කර පස් මාසයක් ඉකුත් වෙත් ම වාරණය කිරීම සඳහා වූ හේතු කිහිපයකි. රජයේ චෝදනාව වූයේ ජාතියේ සාමයට මෙම පොත තර්ජනයක් වු බවයි. නවකතා ලේඛිකාවක්, කිවිඳියක්, පුවත්පත්වේදිනියක් වූ තස්ලිමා නස්රින්, ස්ති‍්‍රීවාදය පිළිබඳ ඍජු ලෙස හඬ නැගූ අයෙකි. වෛද්‍ය ශිෂ්‍යාවක්ව සිටින විට පිටිසර පළාත් වලදී සුළු ජාතීන්ගේ තත්වය පිළිබඳ ලද අත්දැකීම් ඇයගේ චින්තනය මුවහත් කරන්නට ඇත. 1992 බංගලාදේශයේ හින්දු විරෝධී භීෂණය ආරම්භ වනවාත් සමඟ ම මූලධර්මවාදී මුස්ලිම්වරුන් අතින් කෘර වධ හිංසාවට ලක් වූ හින්දු පවුල් පිළිබද  විග‍්‍රහයක් මෙහි අන්තර්ගතය. ඔවුන්ගේ අයිතීන්, පැමිණිලි ආදිය මෙහිදී ඉස්මතු කර දක්වා ඇත්තේ දින 13 ක පරිච්ඡේද ඇසුරිනි. නවකතාවේ නිරූපිත සමාජ වටපිටාව ආකාර දෙකකින් හදුනාගත හැකිය.
·       ලජ්ජා නවකතාව වාරණය වීම කෙරෙහි නවකතා අන්තර්ගතයේ ඳහන් සමාජීය තොරතුරු කෙතරම් දුරට බලපෑවේ ද?
·       වාරණය වීමෙන් පසු ඇති වූ සමාජීය වෙනස්වීම
1992 දෙසැම්බර් 06 වන දින අන්තවාදී හින්දූන් 16 වන සියවසට අයත් ඉන්දියාවේ උත්තර ප‍්‍රදේශයේ අයෝධ්‍යාහි බාබ්රි මස්ජිද් මුස්ලිම් කඩා බි`ද දැමීම මුල්කොට ගෙන බංගලාදේශයේ ජාතිවාදී කෝලාහල ඇතිවිය. එම සිදුවීමට පසුවදා එනම් දෙසැම්බර් 07 වන දින ස්වෙච්ඡුා පවිත‍්‍රකරුවන් ලෙසින් පැමිණි පිරිසක් විසින් අයෝධ්‍යාවෙහි හින්දු කෝවිලක් කඩා බඳ දමන ලදි. මෙම සිදුවීම් වලින් සති කිහිපයකට පසුව බංගලාදේශයේ මුස්ලිම්වරුන් හින්දු ජනයාගේ දේපල කොල්ලකෑමට, හින්දු දේවස්ථාන, වෙළදසැල්, නිවාස ගිනිබත් කිරිමට ක‍්‍රියා කළ අතර ඉන්දියාවේ ද ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියාවන් හේතුවෙන් පුද්ගලයින් 1,200කට ආසන්න පිරිසක් මිය ගියේය.  බංගලාදේශයේ පවතින මුස්ලිම් ආණ්ඩුව යටතේ හින්දූන් සුළු ජාතියක් විය. ඔවුන්ට මුස්ලිම්වරුන් විසින් හිරිහැර කිරීමේ සිද්ධිය නවකතාව ලිවීමට හේතුභූත වී ඇත. එම ක‍්‍රියාව බංගලාදේශවාසින් ලජ්ජා විය යුතු කාරණයක් බවත් ඇරඹුණු කෝලාහල වලට පුරවැසියන් සියල්ලන් ම වග කිව යුතු බවත් ඇය සඳහන් කරයි. නමුත් මුලධර්මවාදය මෙන් ම ජාතිවාදය ද තරයේ ප‍්‍රතික්ෂේප කරන තස්ලිමාගේ ආගමික අන්තවාදයට එරෙහිව ලියූ ලජ්ජා නවකතාව සමාජය ඉදිරියේ ව්‍යසනකාරී කෘතියක් බවට පත් විය. එය කෙතරම් ද යත් ඇගේ ප‍්‍රයාසය වැරදිව වටහාගත් අන්තවාදීන්ගේ දෝෂදර්ශනයට ලක්ව සිය මවුබිමෙන් ද පිටව සිටින්නීය.

ලජ්ජා නවකතාව වාරණය වීම කෙරෙහි නවකතා අන්තර්ගතයේ සඳහන් සමාජීය තොරතුරු කෙතරම් දුරට බලපෑවේ ද?

මෙම කෘතිය අන් රටක සිද්ධියක් මුල් කරගෙන ආගමේ මුවාවෙන් නොමිනිස්කම් කරන අන්තවාදී හා අවස්ථාවාදී කණ්ඩායමකගේ නොපනත්කම් රැුසක් විග‍්‍රහ කර ඇති අතර මානව භක්තිය ඇති කිරීමට දැරූ උත්සහයක් සේ සැලකිය හැකිය. බාබ්රී මස්ජිදය නම් මුස්ලිම් පල්ලිය ඊනියා පවිත‍්‍රකරුවන් කිහිප දෙනෙකු විසින් විනාශ කරනු ලැබීම අරභයා පුවත්පතක පළ වූ ප‍්‍රවෘත්තියක තොරතුරු රැසක් සඳහන් වේ. ඉන්දියාවේ පමණක් නොව අන් හැම රටකම පාහේ මුස්ලිමුන්ගේ වෛරයටත්, හින්දූන් අපකීර්තියට පත් වීමටත් හේතුවන බව පුවත්පතේ සඳහන් වී ඇත. එමෙන් ම හින්දූන්ව ආරක්ෂා කිරීමට බංගලාදේශ රජයට නොහැකි වූ බව විවේචනාත්මකව මෙහි දක්වයි.
වාර්තාකාරී රචනා විලාසය තුළින් හින්දූන්ට සිදුවූ අසාධාරණකම් ආදිය නවකතාව තුළ රචනා වී ඇත්තේ මෙලෙසිනි.
1990 දී ඇති වූ ජාතිවාදී අරගල සමයේදී හින්දු ජාතිකයින් සිය මුස්ලිම් මිත‍්‍රයින්ගේ නිවෙස් වල රැඳෙමින් සිය ආරක්ෂාව සලසා ගත් බව ද, එකල සිදු වූ භයානක සිදුවීම් රැුසක් මෙහි සහන්ය. හින්දු දේවස්ථාන, නෘත්‍ය ශාලා, ප‍්‍රදර්ශනාගාර, ආරාම, වෙළදසැල්, කර්මාන්තශාලා, දේව පිළිම ආදිය විනාශ කළ ආකාරය එයින් නිරූපිතය. 1952 ඇරඹුණු භාෂා ව්‍යාපාරයත්, 1954 එක්සත් පෙරමුණු ඡන්දයත්, 1962 අධ්‍යපන ප‍්‍රතිපත්තීනුත්, අගර්තාලා කුමන්ත‍්‍රණ විරෝධී ව්‍යාපාරයත්, 1970 මහජන ඡන්දයත්, 1971 නිදහස් ව්‍යාපාරයත් ඇති වූයේ බෙංගාලි තරුණ පරපුරේ සාමූහික උත්සහයේ ප‍්‍රතිපලයෙන් බව සඳහන්ය. 1947 දී බෙංගාලයේ දහස් ගණන් හින්දූන් රට හැර ගිය අයුරුත් රටේ ආරක්ෂාවට සිටි හමුදාව විසින් හින්දූන්ට කළ වද හිංසාවන් ද දක්වා ඇත. අන්තර් ආගමික විවාහයන්හි පසුබිම පිළිබ`ද ස`දහනක් ඇති අතර කාන්තාවන් දුර්වල ලිංගිකයන් සේ සැලකූ බවත් මුස්ලිම් හෝ හින්දු යන්න පවා නොසලකමින් කාන්තාවන්ට මුස්ලිම් තරුණයකු මහමගදී කළ හිරිහැර මෙහි දක්වා ඇත.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යවස්ථාවක් පැවතිය ද බංගලාදේශයේ මධ්‍යස්ථ වූ පරිපාලන ක්ෂේත‍්‍රයක් නොවූ බව විවේචනාත්මක මෙහි නිරූපිතය. හින්දූන්ගේ කිසිදු ව්‍යාපාරයක් හින්දු නමකින් ලියාපදිංචි කිරීමට අවකාශය නොවූ බව ද සඳහන් වේ. හින්දු නිවෙස් වලට සිදු කළ පෞද්ගලික හිරිහැර කිරීම්, කාන්තාවන් රැසකට කාමුක හිරිහැර කිරීම්, කෝවිල් රාශියක් ගිනිබත් කිරීම්, ඉන්දියානු එයාර් ලයින් කාර්යාලය හා කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයට ගිනි තැබීම ආදිය විගහ‍්‍ර වේ. මුස්ලිම් ආගම වැළදගන්නා තුරු හින්¥න්ව සිර කොට තබා ගනිමින් අමානුෂික වධ හිංසාවට ලක් කළ අයුරු සහ හින්දූන් මරා දැමූ අයුරු සඳහන්ය.
1965 ඉන්දු පාකිස්ථාන යුද්ධයෙන් පසු පැසිස්ට්වාදී පාකිස්ථානය ඩොමීනියන් තත්වයේ තබා ගැනීමත් සමග සතුරු දේපළ පනතක් මෙයට ඉදිරිපත් විය. නිදහස් බෙංගාලය ද මෙම පනත වෙනත් නමකින් ඉදිරිපත් කර බොහෝ හින්දූන්ගේ දේපළ රජය සතු කර ගත් බව සඳහන්ය. රටේ ව්‍යවස්ථාව රටවැසියන්ට සමාන හිමිකම් හිමි කර දුන්න ද සතුරු දේපළ පනත ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බව නිරූපිතය.

වාරණය වීමේ සමාජීය තත්වය

තස්ලිමා නස්රින් ආගමික සම්ප‍්‍රදායන් තුළ ඉතා දැඩි ලෙස පීඩාවට පත් කාන්තාවන්ට පක්ෂව ඍජුව හඬ නැගූ හා කාන්තාවන්ගේ සමාජ, දේශපාලන හා ලිංගික නිදහස විවේචනයට ලක් කළ අයෙකි. 1992 දෙසැම්බර්  හය වන දින ඉන්දියාවේ බාබ්රි මුස්ලිම් දේවස්ථානය විනාශ වීමත් සමගම බංගලාදේශයේ හින්දූන්ට මුස්ලිම්වරුන් විසින් තදබල හිරිහැර එල්ල කිරීම මුල් කොට ගනිමින් මෙම නවකතාව ලියා ඇත. 1993 පෙබරවාරි මාසයේදී ලජ්ජා නවකතාව බංගලාදේශයේ බෙංගාලී භාෂාවෙන් ප‍්‍රකාශයට පත් වූ අතර ඊට සය මසකට පසුව නවකතාව තහනම් කරන අවස්ථාව වන විටත් පිටපත් හැටදහසකට ආසන්න ප‍්‍රමාණයක් විකිණී අවසක් වී තිබිණි. මෙය ඉන්දියාවේ මෙන්ම බංගලාදේශයේ ද වාණිජමය වශයෙන් ජයග‍්‍රහණයක් විය. රහසිගතව පිටපත් විශාල ප‍්‍රමාණයක් හින්දු යුධකාමීන් අතර බෙදා හැරිණ. 1994 දී ඉන්දියාවේ නවදිල්ලියේ ද 1997 දී ඇමරිකාවේ ද මෙය ඉංගී‍්‍රසියෙන් ප‍්‍රකාශයට පත් විය.
බංගලාදේශයේ මුස්ලිම් මූලධර්මවාදින්ගේ බලවත් විරෝධය පළ කිරීමෙන් අනතුරුව 1993 ජූලි මාසයේදී බංගලාදේශ රජය විසින් ලජ්ජා නවකතාව තහනම් කරන ලද්දේ ජනතාව අතර වැරදි වැටහීමක් ඇති වනවා යන පසුබිමයටතේ ය. 1993 සැප්තැම්බර් 24 වන දින ඬේලි නිව්ස් පුවත්පතේ නස්රින්ට දැකිය හැකි වූයේ ඇගේ මරණයට අතවනනා දැන්වීමකි. බංගලාදේශයේ ඉස්ලාමීය සෙබළුන්ගේ කවුන්සිලය විසින් හෝ මුල්ලාවරුන් විසින් ඉස්ලාම් ධර්මයට විරුද්ධව ඇය කුමන්ත‍්‍රණ කිරීම සහ අවමක් කිරීම මත පදනම්ව මෙම මරණ ත්‍යාගය නිකුත් කර තිබිණි. ධකා නගරයේ පෙළපාලිකරුවන් ඇයගේ ජීවිතය විනාශ කරන ලෙස උද්ඝෝෂණය කරන ලදි. නස්රින්ට පොලිස් ආරක්ෂාව ලබා ගත හැකි වූයේ අන්තර්ජාතික බලපෑම් වල ප‍්‍රතිචාර දැක්වීමක් වශයෙන් ඇයට ඇගේ නිවසේ බාහිරව පොලිස් නිලධාරින් දෙදෙනෙකුගේ ආරක්ෂාව ලබා දීමෙනි. අන්තර්ජාතික කතුවරියන්ගේ අයිතීන් පිළිබඳ සංගමය, තස්ලිමා වෙනුවෙන් පෙනී සිටිමින් මානව අයිතීන් සහ ලොව පුරා සිටින කාන්තාවන්ගේ සංවිධාන නම් ගත කරමින් ව්‍යාපාරයක් දියත් කරන ලදි. ඇයගේ මරණය ප‍්‍රාර්ථනා කරන, ලජ්ජා නවකතාව තහනම් කිරීමට අත් උදව් සපයන හා ඇයගේ විදේශ ගමන් බලපත‍්‍රය අත්හිටුවීමට කටයුතු කරන පුද්ගලයන්ගෙන් ඇයව ආරක්ෂා කිරීමට අදාළ සංවිධාන කටයුතු කරන ලදි. ස්වීඩනය, නෝර්වේ, එක්සත් රාජධානිය, ප‍්‍රංශය සහ ජර්මනිය යන රටවල්හි රජයන් නිල වශයෙන් මැයට සිදුවන අසාධාරණයට එරෙහිව විරුද්ධත්වය ප‍්‍රකාශ කළ අතර අවසානයෙදී නෝර්වේ සහ ස්විඩනය බංගලාදේශයට ලබා දෙන සියළුම ආර්ථික සහනාධාරයන් කලා හැරීමට තීරණය කරන ලදි.
නස්රින්, බංගලාදේශයෙන් පිටත සහ ඉන්දියාව තුළ බටහිර ලෝකයේ සංකේතයක් වූ ප‍්‍රකාශන අයිතියේ සහ කාන්තා අයිතීන්හි කැපී පෙනෙන චරිතයක් බවට පත් විය. බංගලාදේශ රජය ඇයගේ විදේශ ගමන් බලපත‍්‍රය නැවත ලබා දුන් අතර අත්අඩංගුවට ගැනීමක් නොකරන ලදි. කෙසේ නමුත් ඇය බංගලාදේශයේදී අපරාධයක් සිදු කළා යැයි මරණ තර්ජනයක් එල්ල වීය. මෙම කාල සීමාව වන විට බංගලාදේශ ආණ්ඩුව පැවතියේ බංගලාදේශ දේශාභිමානී පක්ෂයේ අග‍්‍රාමාත්‍ය ඛාලේද සියා (Khaleda Zia) යටතේය. අග්‍රාමාත්‍ය ඛාලේද සියා තෝරාපත් කර ගැනුණේ මුස්ලිම් පක්ෂයේ සහයෝගය මතයි. 1994 අප්‍රේල් වන විට විදේශ ගමන් බලපත්‍රය ආපසු ලැබීමත‍් සමඟ නස්රින් ප‍්‍රංශයට ගියේ අන්තර්ජාතික පුවත්පත් නිදහස් දිනය වෙනුවෙනි. නැවත ඉන්දියාව හරහා බංගලාදේශයට යන අතරවාරයේ ද Calcutta Statesments නම් ඉංග‍්‍රීසි භාෂා පුවත්පතේ සම්මුඛ සාකච්ඡාවක් සඳහා ඉදිරිපත් වූවාය. එහිදී ඇය ප‍්‍රකාශ කළ කුරානය මුළුමනින් ම සංශෝධනය විය යුතුයි යන ප‍්‍රකාශය උද්ධරණය කර දැක්වීය. එම ප‍්‍රකාශය ඇය කුරානය, වේද ග‍්‍රන්ථය, බයිබලය සහ අනිකුත් සෑම ග‍්‍රන්ථයක්ම සංශෝධනය විය යුතුයලෙසින් කළ ප‍්‍රකාශයක් බව පසුව වාර්තා කරන ලදි. බංගලාදේශයේ මූලධර්මවාදීන් දහස් ගණනින් මාර්ගයන්හි පෙළපාලි ගියේ ඇයගේ මරණය ආයාචනා කරමිනි. එම කලහකාරී පිරිස ඇය වෙනුවෙන් කණගාටුව පළ කළ පුවත්පත් කාර්යයාල සහ ආක‍්‍රමණය කළ අතර ග‍්‍රන්ථ ගබඩාවන් තුළින් ඇගේ පොත් කොල්ලකන ලදි. ආගමික කණ්ඩායම් ඇයව අත්අඩංගුවට ගන්නා ලෙසින් රජයට බල කරන ලදි. 1994 ජූනි 04 වන දින රජය ඇයට විරුද්ධව චෝදනා ගොණු කරනුයේ 19 ශත වර්ෂයේදී බි‍්‍රතාන්‍ය යටත්විජිත සමයේදී කලාතුරකින් භාවිත කළ බවට සලකන ඕනෑම කණ්ඩායමක ආගමික හැඟීමකට, එහි ආගමට සහ ආගමික විශ්වාසීන්ට සාහසික අන්දමින් හානි කරමින් කරන සඳහන් කිරීමක් නම් වූ තහනම් කිරීමේ ආඥාපනතකට අනුවය. එම අපරාධයට හිමි වමට නියමිත වුයේ උපරිමයෙන් වසර දෙකක සිර දඬුවමකි. අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව නිකුත් වන විට ඇය තම නිවෙස අත්හරිමින් රහසින් පිටව ගියාය. සැඟවී යාමට පෙර පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඇය පවසා සිටියේ                                                      
අල්ලාහ්ගේ නාමයෙන් නොයෙක් අකටයුතුකම් සිදු විය. මට මාගේ ජනසංහාරය වෙනුවෙන් ලිවවීම අත් හළ නොහැක.. කුරානයට තව දුරටත් අපගේ නීතිය ලෙසින් ගැතිකම් කිරීමට නොහැක.. එය කාන්තා විමුක්තිය සඳහා වන කි‍්‍රයාවලියක් වෙනුවෙන් නැගී සිටිය යුතුය.. ප‍්‍රශ්නය වනුයේ මූලධර්මවාදීන්ගේ අසහනයයි. මම මගේ ලිවීම වෙනුවෙන් සටන් කරමි. ඔවුන්ට අවියක් සමග සටන් කිරීමට සිදුවේවි. මම ප‍්‍රකාශ කරන්නේ මම සිතන දේ අනුව ඔවුන්ට මා මරා දැමීමට සිදු වන බවයි. මාව තැති ගැන්වීමකට ලක් කිරීමට ඔවුන්ට කිසිදා හැකි නොවේවි”.
අගෝස්තු 03 වන දින දීර්ඝ කතිකාවකින් අනතුරුව ඇගේ නීතිමය උපදේශකවරයා, බටහිර නීතිපති සහ බංගලාදේශ රජය විසින් නස්රින්ට ඇප ලබා දීමට සහ පසුකාලීනව විශේෂ දිනයකදී නඩු විභාගයකට පෙනී සිටිමට ඉඩ ලබා දෙන ලදි. ඇය සවීඩනයට ගිය අතර එහි නැවතී සිටින විට එරටින් පිටුවහල් කරන ලදි. එම අවස්ථාවේදී ඇය යුරෝපයට සහ එකසත් රාජධානියට ගියාය. (1998 දී ඇය සිය අසනීප තත්වයේ පසුවන මව බැලීමට ඉන්දියාවට පැමිණි අතරම නැවත ඇයට එල්ල වූ තර්ජන හමුවේ සැගවිය. 2005දී ඇය කල්කටාවට පැමිණි අතර පුවත්පත් සඳහා ලිපි රැසක් ලියන ලදි. නමුත් ඉන්දියානු රජය නස්රින්ට ලබා දුන්නේ තාවකාලික වීසාය. 2007 දී කල්කටාවේ ප‍්‍රචණ්ඩකාරී මුස්ලිම් ජන කොටස් වල විරෝධය හේතුවෙන් රජය විසින් දිල්ලියෙ හි ආරක්ෂාකාරී නිවසක් වෙත යවන  ලදි. එය ඇයව සිර කර තැබීමක් යැයි විරෝධය පාමින් නැවත එක්සත් රාජධානිය වෙත යන ලදි.

ඉන්දියාව වැනි රටක් කාන්තාවන් දකින්නේ කැපවූ භාර්යාවන් සිටින පවුලේ වැඩ කටයුතු කරන, මවුවරු සිටින රැකවරණය ලබා දිය යුතු සහෝදරියන් සිටින පුරුෂාධිපත්‍ය ඇති රටක් ලෙසිනි. තස්ලිමා ස්ත‍්‍රීවාදය රැඩිකල්වාදීව ඉස්මතු  කළ අතර ඒ වෙනුවෙන් කාව්‍ය, ගද්‍ය රචනා, නවකතා රචනා කළ අයෙකි. ඇයගේ ට්විටර් ගිණුමේ 120,000 පමණ පරිජනයින් සිටින අතර ඇය එහිදී ඍජුව පවසා සිටින්නේ පිරිමින් විසින් කාන්තාවන් දූෂණයට ලක් කරන්නේ ඔවුන් චිත‍්‍රපට වල කාමුක දර්ශන නරඹන හේතුව නිසා සහ  පුරුෂාධිපත්‍යය සහිත සමාජයක් ගොඩ නැංවීමට ප‍්‍රගුණ කරමින් සිටින නිසායනුවෙනි.
තස්ලිමා නස්රින්ගේ නවකතා මෙන්ම ලේඛන රටාව අනුව ඇගේ ප‍්‍රතිරූපය සමාජගත වූ ආකාරය බංගලාදේශයේ එස්.එම්. ශම්සුල් අලාම් S.A. Shamsul Alam සිය Women in the Era of Modern and Islamic Fundamentalism: The Case of Taslima Nasrin of Bangladesh නම් කෘතියේ මෙලෙස සටහන් කරයි.

ඉස්ලාම් මූලධර්මවාදි පාක්ෂිකයන්, අනාගාමික ප‍්‍රගතිශීලී නූතනවාදී බුද්ධිමතුන් සහ ලේඛකයන් ඇයගේ රචනාවන් ඉවත දැමීම කළ යුතු බවට ඉල්ලා සිටි. ඔවුහු ඇයගේ මරණය නො ඉල්ලමින් ඇයව අපරිණත’ , ‘තරමක් පිළිකුල් සහගත’, ‘ලිංගභේදය සිතෙහි දරණ’, ‘දේශපාලන වශයෙන් නිවට වූසහ පුරුෂයින්ට ප‍්‍රතිවිරුද්ධ අන්තවාදියකුලෙසින් විවිධාකාරයෙන් විග‍්‍රහ කළහ.
එස්.එම්. ශම්සුල් අලාම්  S.A. Shamsul Alam
ඩබ්.ඒ. අබේසිංහයන් සිළුමිණ පත්‍රයට ලියූ සාහිත්‍ය කොලමේ තස්ලිමා නස්රින් සම්බන්ධයෙන් ද තීරු ලිපියක් පළ වූ අවස්ථාවක් ඇත. ඔහු දක්වන්නේ විමුක්තිකාමී කාන්තාවක් පිළිබඳ ලිපිය ගෙන එන බවයි.
තස්ලිමා නස්රින් ඒ නිර්භීත ගැහැණිය...අද නස්රින් ගොදුරුව සිටින ඉරණමට ඊට කලින් ගොදුරු වූ සල්මන් රුෂ්දි ගැන ද මේ දවස් වල ආරංචියක් ඇත්තේ නැත. එහෙත් නස්රින් පිළිබඳව නම් කතා කරන්නට බොහෝ දේ ඇත... මෙම තරුණ ගැහැණිය මුලු මහත් කාන්තා සංහතියේ ම ධෛර්යයේ සහ නිර්භීතභාවයේ ද සංකේතය හැටියට අද නැඟී සිටින්නීය.. මහත්මා ගාන්ධි තහ රටේ ගැහැණුන් ගැන පමණක් නොව ලොවේ සියළුම ගැහැණුන් ගැන කියූ දේ වඩාත්ම ගැළපෙන්නේ නස්රින්ට යයි මම සිතමි.මහත්මා ගාන්ධි මෙසේ පැවසීය.
"ගැහැණිය වනාහි ආත්ම පරිත්‍යාගයේ උත්තුංග සංකේතයයි. නිසි හැඟීමෙන් යුතුව ක්‍රියා කරන විට ඇයට සෙලවිය නොහැකි කිසිම කන්දක් ඇත්තේ නැත. "
ගාන්ධිගේ ඒ වචන අද ඇත්තටම ගැළපෙන්නේ නස්රින්ගේ චරිතයටය. හැම්ලට්හි, "එම්බා චපලකම, නුඹේ නම ගැහැණය වෙතැ"යි පැවසීය. එම වැකිය, එම්බා නිර්භීතකම, නුඹේ නම ගැහැණිය" යි යනුවෙන් වෙනස් කළ යුතු නොවේ ද?... බංගලිදේශ කතුවරියක වන තස්ලිමා නස්රින් ජනතාවගේ අවධානයට යොමු වුයේ  ඇය ලියූ ලජ්ජා නමැති නවකතාවටත් වඩා එම නවකතාව සම්බන්ධයෙන් මුස්ලිම් මූලධර්මවාදින් ගෙන ගිය විරෝධය නිසාය. නස්රින් ම කියන හැටියට ඇයගේ නවකතාවෙන් කොටස් කිහිපයක් විකෘති කොට දැක්වූ මූලධර්මවාදීහු ඇය ශුද්ධ වූ කුරාන් ග්‍රන්ථයට අවමන් කරතියි චෝදනා කළහ...

මාසෙල් කාට්ස් නැමති පුවත්පත් කලාවේදියාට තමා පිළිබඳව තතු හෙළිකරමින් ඇය මෙසේ පවසා ඇත.
"ලිවීම නවත්වන්ට මම සූදානම් නැහැ. මට එකඟවන්ට බැරි කාරණය නම් මා විශ්වාස කරන දේවල් ගැන මට ලියන්නට ඇති අයිතිය අතහැරීමයි. ගැහැණුන් දෙවනි පන්තියේ පුරවැසියන් හැටියට සලකන ක්‍රමයකට විරුද්ධව සටන් කිරීමට මට තියන අයිතිය අතහරින්ට මා සූදානම් නැහැ. මම පුංචි නිදසුනක් දෙන්නම්. අපේ රටේ  සමහර සොහොන් පිටිවල මේ වාගේ දැන්වීම් ගසා තිබෙනවා. "ගැහැණුන් සහ එළදෙනුන්ට ඇතුළුවීම තහනම්". බංගලිදේශයේ ස්ත්‍රින්ට මගේ පොත් මිළදී ගන්ට අවශ්‍ය නම් එවිට ඔවුන් එසේ කරන්නේ රහසිගත ස්ථානයකදීය."

නස්රින් අද ජීවත්ව සිටින්නේ සිවීඩනයේය. ස්වීඩන රජය විසින් ඇයට ආරක්ෂාව සපයයි. අද ස්වීඩනයේ සැඟවී සිටිය ද තස්ලිමා රාජ්‍ය නායිකාවකි . ඇය ලිවීම නවත්වා නැත. සිය ප්‍රංශ ප්‍රකාශකයා විසින් ඇයට ත්‍යාග කළ අතේ ගෙන යා හැකි කොම්පියුටරයකින් ඇය ස්වකීය ලේඛනය දිගටම කරගෙන යන්නීය. මෙම ලිවීම නවත්වන්නේ නැතැයි නස්රින් සපථ කරයි. මෙම කොලමේ කිසියම් කිසියම් තැනකදී ගැහැනිය, නිර්භීතකම යැයි මම නම් කළෙමි. මෙකල්හි එම යෙදුම ජීවමාන සත්‍යක් බවට පත් කරමින් සිටින්නී තස්ලිමා නස්රින්ය. එම්බා ගැහැනිය මම නුඹට හෘදය සාක්ෂිය යයි කියමි. “ (අබේසිංහ, පි.69)