ළඟම ලිපිය

Showing posts with label කවි පාට. Show all posts
Showing posts with label කවි පාට. Show all posts

Thursday, October 13, 2016




මං කොළඹ යනෙනු දැක...

කොළඹ අහසට නුවර අහසත් 
එකතු වෙනකොට
උඹ ඇහුවා මතකයි 
"මං දීපු මතකය ඒ විදිහටම 
ආයෙත් අරගෙන එන්න පුලුවන්ද .."
නුවර වැව් රල පෙලට
වලාකුලු බැම්මකට 
මතක ඇති අපේ අත් 
පටලැවුණු අතීතය...
නුඹ නැති ළගපාතක
මං විතරක් අද 
මතක රිදුම් හිමින් 
අවුස්සන අයුරු දැක
කැලණි ගඟ අඬනවා 
මං කොළඹ යනෙනු දැක...


නලී..

Friday, August 19, 2016

දිවි දහම මය.....




අන්ධකාර රාත්‍රියක
නිස්සාරත්වය 
තුරුල් කර
පිපී ආ 
එ මල
පරවී 
වැටුණි
අඟවා
ජීවිත දහම...
 
(විස කෘමියෙකි අසල වූයේ....)


නලී..

Sunday, November 29, 2015

වැරදීම !















සහතිකය
කෝ
උප්පැන්න ?
නේක ගැරහුම්
ලොවෙන් විඳින්නට
නුඹට
උරුම වූයේ
අහෝ !
වැරදීමක්….
ගන්ධබ්බ
වූ කලම
හැකි වුණි නම්
චුත කරන්නට
පිළිතුරු
අවැසි නැත

කිසිවකුට උත්තර බදින්නට……


නලිනිකා ලක්ෂාණි

Saturday, November 28, 2015

 ඔබ මිස වෙන නැති යශෝදරා....



 
















නොමියෙන සෙනෙහස හදෙහි හොවා      ගත්
ආදර සියපත ළය මඩලට                         ගත්
මිහිමත ජනිතවු අරුත වටහා                    ගත්
ඔබ මිස වෙන නැති                                 යශෝදරා

විටකදි දෙනෙතේ කඳුලැල්                    පුරවා
ලොවට පෙනෙන්නට මුව මල               සරසා
හද කුසුමේ දුක තනිවම                         ඉවසා
සිනා වුණා ඔබ                                      යශෝදරා

සසරක් පාසා පසුපස                             ඇවිදින්
වෙන්වෙන්නට නොව ළංවි                   හිඳිමින්
සිටියා දුක සැප සමව                            බෙදාගෙන
නුඹ වැනි වෙන නැති                            යශෝදරා

ලේන කුලේ සිට නිවන් දකින                 තුරු
පහන් සිලක් වුණි සසරක්                        පාසා
සෙනෙහස නොසිඳෙන උල්පත නුඹ        විය
සෙනෙහස් ග`ගුලේ අරුත                       කියා

කල්ප කාලයක් පෙරුම්                         පුරාගෙන
ආවා නොසැලෙන සෙවණැල්ලක්          වී
නොකැලැල් පේ‍්‍රමය හදෙහි                    දරාගත්
යශෝදරාවෙනි ලොවට අගෙයි               ඔබ

 පෙරුම් පුරාගෙන ඔබ ආ වග                   තුග
දේව මිනිස් කැල දනිති ඔබේ                    වග
හැම සංසාරෙම සිටියා පස                        පස
පෑව සෙනේ ලොව සිහින                         කුමාරිය

උපදින සසරේ පැතුම                              දරා ආ
හදමල දැවුණා ගිය පසු                            හැරදා
ආත්ම ගණනේ සිතුවිලි                           අහුරා
සසර නිමාවුණි පැතුම                              ලබා



නලිනිකා ලක්ෂාණි