ළඟම ලිපිය

Saturday, June 4, 2016

නව මාධ්‍යයයේ ගුණ අගුණ.....

නව මාධ්‍යයයේ ගුණ අගුණ.....


     සාම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට ගිය නව මාධ්‍ය කලාවක් බිහි වන්නේ 20 වන සියවස මුල් භාගයේදීය. ක්‍රමිකව විකාශනය වෙමින්  ආ නව මාධ්‍ය වර්තමානය වන විට ජනයාගේ අතැඹුලක් වී හමාරය. ලොව කොතැනක ජීවත් වුවත් ඕනෑම තොරතුරක් එසැනින් දැන ගැනීමේ හැකියාව පවතින්නේ නව නිසාය. මානවයා දූපත් මානසිකත්වයෙන් මුදා ලීම නව මාධ්‍ය ඇතිවීමේ ඵලයකි.

    විශාල ග්‍රාහක ප්‍රජාවක් වෙත එකවර ළඟා වීමට සමත්, තාක්ෂණිකමය ස්වභාවයක් ගන්නා, අන්තර් ක්‍රියාකාරී සම්බන්ධතා පවත්වා ගැනීමට හැකි නව මාධ්‍ය මාධ්‍යන්හි සමාජීය බලපෑම පිළිබඳ විවිධ කතිකාවන් ගොඩ නැගී ඇත. සුබවාදී මෙන්ම අසුබවාදී බලපෑම් මේ අතර වේ. ගෝලීයකරණය ද නව මාධ්‍යයයේ ප්‍රතිඵලයක් බව පැවසෙන අතර ගෝලීයකරණය විසින් ලොව පුරා මිනිසුන් අතර ම්නිසුන් අතර ඇති දුර ප්‍රමාණය හකුළුවනු ලබයි. දූපත් මානසිකත්වයෙන් මිදුණු සමාජයකට මඟ පෙන්වන්නේ ද නව මාධ්‍යයි. තොරතුරු ප්‍රජාතන්ත්‍රීකරණය ද නව මාධ්‍යයයේ තවත් වාසිදායක පැත්තකි. නව මාධ්‍යයයේ බලපෑමට දැඩි ලෙස හසුවන ක්ෂේත්‍රයක් ලෙසින් මහජන සම්බන්ධතා ක්ෂේත්‍රය ද හඳුනාගත හැකිය. සාම්ප්‍රදායික ප්‍රවෘත්ති මාධ්‍යයයේ ආවරණය වඩාත් පුළුල් කිරීමක් සිදු කරන්නේ ද නව මාධ්‍යයි.

     නව මාධ්‍ය බිහි වීමේ අරමුණ කෙසේ වෙතත් එය හසුරුවන්නාගේ වගකීමේ ස්වභාවය මත නව මාධ්‍යයයේ අයහපත් ඵල විපාක ද ලැබී ඇත. You tube, Twitter, Facebook, skype, Instagram, Snapchat ආදී සමාජ ජාල භාවිත කරන්නන් අනිටු විපාක වලට ගොදුරු වූ සිද්ධි රැසක් ලොව සෑම රටකින්ම දැක ගත හැකිය. නව මාධ්‍ය ඔස්සේ ප්‍රවේශම්කාරීව භාවිත කිරීම වගකීමකි. ජීවිත හානි සිදු කර ගැනීම්, බුද්ධිමය දේපල සොරා ගැනීම්, චරිත ඝාතනයන්, පුද්ගල හො ආයතන වලට අපහාස වීම්, අපයෝජනයන් ආදී විවිධ අනිටු ප්‍රතිඵල රැසකි.

     නව මාධ්‍යට ඇබ්බැහි වූවෝ සිටිති. අන්තර්ජාලය ඔස්සේ ප්‍රචලිත වීඩියෝ ක්‍රීඩා, අසභ්‍ය ප්‍රකාශන (Pornography) ආදිය මෙම ඇබ්බැහිවීම් මේ අතර වේ. ගෝලීය වශයෙන් වැඩිම භාවිතයක් ඇත්තේ අසභ්‍ය ප්‍රකාශන සහිත වෙබ් අඩවිය. යම්තාක් දුරට පවතින සීමා කිරීම් පැවතිය ද අධ්‍යාපනය ලබන දරුවන් අනිටු විපාක වල ගොදුරු බවට පත් වීමේ සම්භාවිතාව වැඩිය. එහෙයින් නව මාධ්‍යයයේ ද අන්තර්ගතය හෝ ක්‍රියාකාරිත්වය පාලනය කිරීම උචිත බවට තර්ක කිරීමට හැකියාව පවතින බවට සක් සුදත් සේ පැහැදිලිය.

සිහින දකින්නෝ...

සිහින දකින්නෝ...



බිළිඳකු මෙලොව එළිය දකින්නේ කිසිවක් නොදැනය. හය හතර තේරීමට පටන් ගන්නා වියේ සිටම වැඩිහිටියෝ ඔහුට සිහින දකින්නට කියා දෙති. ඒ නින්ද්‍රාවෙන් සිහින දකින්නට නොව සැබැවින්ම ජීවිතය දිනා ගැනීමට අපේක්ෂා කරන සිහිනයන් දැකීමටය. සෑම අයෙකුම එක් සිහිනයක් හෝ සිහින කිහිපයක් තම සිත්හි දරයි. එබැවින් අපි සියල්ලෝම සිහින දකින්නෙමු.
බලාපොරොත්තු පොදි බැඳන් තම ආශාවක් ඉෂ්ට කර ගැනීමට තැත් කරන්නාට එය ඉටු කර ගන්නා තුරු ඉවසිල්ලක් නොමැත. තම හීනය කරා ළඟා වනතුරු ඔහු හෝ ඇය තුළ පවතින්නේ නොතිත් ආශාවකි. මෙරට අධ්‍යාපන ක්‍රමයේ විභාග ක්‍රමය දෙස විමසූ විට ශිෂ්‍යත්වය සමත් වීමට, සාමාන‍්‍ය පෙළ විභාගය සමත් වීමට, උසස් පෙළ සමත් වීමට සහ සරසවි වරම් ලැබීමට අධ්‍යාපනය හදාරන්නන් තුළ පවතින සිහිනයන්ය. ඉන්පසුව ඇත්තේ රැකියාවක් කිරීමේ හීනයකි. නමුත් වර්තමානයේදී උපාධිධාරීන් ද සිටින්නේ තම රැකියා සිහිනය ඉටු කර ගැනීමට නොහැකිවය. මෙය මහත් බරපතල අර්බුදයකි. වසරකට විශ්‍රාම යන ප්‍රමාණයට සාපේක්ෂව රැකියා සඳහා බඳවා ගන්නා ප්‍රමාණයක් ද පැවතිය යුතුය. එසේම ඒ සඳහා යම් ක්‍රියා පටිපාටියක් තිබිය යුතුය. නමුත් එය සිදු නොවීම මහත් ගැටලුවක් වී ඇත.

ඇතැම් පුද්ගලයෙක් තම අධ්‍යාපනය නිසි අයුරින් නිම කරවා රැකියාවක නියැලීමේ අරමුණින් නොසිටී. ජීවන බර කර මතට ගැනීමට ඔවුන් පසුබට නොවන්නේ සමාජමය, පුද්ගලබද්ධ, සංස්කෘතිකමය, ආර්ථිකමය ආදී විවිධ කරුණු කාරණා හේතුවෙනි. හීනයන් කරා ළඟා වීමට අත් උදව් සපයන්නන් සීමිතය. නමුත් එවැනි වන සිවුපාවුන් මධ්‍යයේ දෙවි දේවතාවුන් ද නැත්තේ නොවේ. අධිෂ්ඨානය, වීර්යය, උත්සහය, කැපවීම ආදී සියල්ල යෙදවූවත් සිහිනය කරා ළඟා වීමට වාසනා ගුණ මහිමය ද තිබිය යුතු යැයි පැවසේ. සිහින තරුවක්, සිහින කුමාරියක්, සිහින කුමාරයෙක් වීමද ප්‍රබල මෙන්ම ජනප්‍රිය හීනයන්ය. අතීතයේ පටන් නායකත්වය දිනීමට සිහින මැවූවෝ සිටියහ. එය අදටත් එසේමය. සිහින මැවීමත් සිහින දැකීමත් සර්වකාලීන, සර්ව පුද්ගලබද්ධ මෙන්ම සර්ව භෞමික කාරණාවක් බැව් පසක් වන්නේ එබැවිනි.