ළඟම ලිපිය

Monday, July 11, 2016

ලජ්ජා නවකතාව තුළින් නිරූපිත සමාජීය බලපෑම

ලජ්ජා නවකතාව තුළින් නිරූපිත සමාජීය බලපෑම




නිර්මාණයක් සමාජය ඉදිරියේ පිළිගැනීමට ලක් වන්නේ ද නොවන්නේ ද යන්න තීරණය වන්නේ අදාළ නිර්මාණයේ අන්තර්ගතය, සමාජීය සිදුවීම්, තත්වයන් මෙන්ම රජයේ ද මතයන් අනුවය. සිනමා කෘතියක්, ටෙලි නාට්‍යයක්, පුවත්පත් ලිපියක්, නවකතාවක් ආදිය වාරණය වේ නම් අනිවාර්යෙන් ඊට අදාළ හේතු පවතී. වාරණය හෙවත් අදහස් වලට මං ඇහිරීම වර්තමානය වන විට මාධ්‍ය ක්ෂේත‍්‍රයන්හි බහුලව දැකිය හැකිය. මිනිසාට පමණක් ලොව සෑම සත්ත්වයකුටම අදහස් ප‍්‍රකාශ කිරිමේ අයිතියක් ඇත. එහෙත් මිනිසා යන සත්ත්වයා විසින් තම නිෂේධ බලය භාවිත කරමින් ඒ නිදහස උදුරගෙන ඇත. අදහස් ප‍්‍රකාශ කිරීමේ ක‍්‍රියාවලියත් එයට බාධා පැනවීම හෙවත් වාරණයේ හැඩහුරුව හා ප‍්‍රමාණාත්මක බව නිර්ණය වන්නේ ඒ ඒ දේශයන්ගේ හා ඒ ඒ ජාතීන්ගේ ක‍්‍රියාකාරිත්වයන් මතය. වර්තමානයේ වාරණය ක‍්‍රියාත්මක වන ඉසව් ගණනාවක් අපට හදුනාගත හැකිය. ඒ අනුව බලන කල පුවත්පත්, ගුවන්විදුලි, රූපවාහිනී, චිත‍්‍රපට, විනෝදකතා පත‍්‍ර (චිත‍්‍රකතා) ආදිය යම් යම් සීමා තුළ වාරණයට ලක්වේ. මෙසේ විද්‍යමාන වන වාරණ විධි අතර

·     ආගමික වාරණයන්
·       සමාජ ස්තරයන්හි වාරණයන්
·       රාජ්‍ය වාරණයන්
·       සදාචාරමය වාරණයන්
·       ස්වයං වාරණයන්

හදුන්වා දීමට පුළුවන. වාරණයේදී මූලික සංස්කෘතික පරිසරය වැදගත් වුවත් එක් සංස්කෘතියකට සභ්‍ය දේ අනෙක් සංස්කෘතියට අසභ්‍ය විය හැකිය. ආගමික වාරණය ම`ගින් සිදු වන්නේ විවිධ ආගමික කණ්ඩායම් ම`ගින් සිදු කරන වාරණයයි. තම ආගමට එරෙහිව යම් දෙයක් සිදු වේ නම් හෝ ඊට අනුෂාංගික යම් යම් දේ ඉදිරිපත් වේ නම් ඒ සඳහා නැගී සිටීම මෙසේ යම් යම් කාලවල විවිධ අයුරින් වාරණ ඉදිරිපත් වී ඇත. නීතිමය බලතල ඇත්තේ රාජ්‍ය සතුවය. ඒ නිසා රජය කලා අංශයෙන්, අධ්‍යාපන අංශයෙන් දේශපාලන අංශයෙන් ආදී සෑම අංශයකින් ම වාරණය කිරීමට අවස්ථාව එළඹි විට එයට ඉදිරිපත් වේ. වාරණය හසුරුවන්නේ ජනතාව මිස අන් කවරකුවත් නොවේ. තොරතුරු පිපාසාවෙන් පෙළෙන ජනතාවට වාරණය තරම් බලවත් වචනයක් ප‍්‍රජාතන්ත‍්‍ර රාමුව තුළ නොමැත.
බංගලාදේශ ලේඛිකාවක වන තස්ලිමා නස්රින්ගේ වාර්තාමය නවකතා ශෛලියට අයත් මෙම නවකතාව මුද්‍රණය කර පස් මාසයක් ඉකුත් වෙත් ම වාරණය කිරීම සඳහා වූ හේතු කිහිපයකි. රජයේ චෝදනාව වූයේ ජාතියේ සාමයට මෙම පොත තර්ජනයක් වු බවයි. නවකතා ලේඛිකාවක්, කිවිඳියක්, පුවත්පත්වේදිනියක් වූ තස්ලිමා නස්රින්, ස්ති‍්‍රීවාදය පිළිබඳ ඍජු ලෙස හඬ නැගූ අයෙකි. වෛද්‍ය ශිෂ්‍යාවක්ව සිටින විට පිටිසර පළාත් වලදී සුළු ජාතීන්ගේ තත්වය පිළිබඳ ලද අත්දැකීම් ඇයගේ චින්තනය මුවහත් කරන්නට ඇත. 1992 බංගලාදේශයේ හින්දු විරෝධී භීෂණය ආරම්භ වනවාත් සමඟ ම මූලධර්මවාදී මුස්ලිම්වරුන් අතින් කෘර වධ හිංසාවට ලක් වූ හින්දු පවුල් පිළිබද  විග‍්‍රහයක් මෙහි අන්තර්ගතය. ඔවුන්ගේ අයිතීන්, පැමිණිලි ආදිය මෙහිදී ඉස්මතු කර දක්වා ඇත්තේ දින 13 ක පරිච්ඡේද ඇසුරිනි. නවකතාවේ නිරූපිත සමාජ වටපිටාව ආකාර දෙකකින් හදුනාගත හැකිය.
·       ලජ්ජා නවකතාව වාරණය වීම කෙරෙහි නවකතා අන්තර්ගතයේ ඳහන් සමාජීය තොරතුරු කෙතරම් දුරට බලපෑවේ ද?
·       වාරණය වීමෙන් පසු ඇති වූ සමාජීය වෙනස්වීම
1992 දෙසැම්බර් 06 වන දින අන්තවාදී හින්දූන් 16 වන සියවසට අයත් ඉන්දියාවේ උත්තර ප‍්‍රදේශයේ අයෝධ්‍යාහි බාබ්රි මස්ජිද් මුස්ලිම් කඩා බි`ද දැමීම මුල්කොට ගෙන බංගලාදේශයේ ජාතිවාදී කෝලාහල ඇතිවිය. එම සිදුවීමට පසුවදා එනම් දෙසැම්බර් 07 වන දින ස්වෙච්ඡුා පවිත‍්‍රකරුවන් ලෙසින් පැමිණි පිරිසක් විසින් අයෝධ්‍යාවෙහි හින්දු කෝවිලක් කඩා බඳ දමන ලදි. මෙම සිදුවීම් වලින් සති කිහිපයකට පසුව බංගලාදේශයේ මුස්ලිම්වරුන් හින්දු ජනයාගේ දේපල කොල්ලකෑමට, හින්දු දේවස්ථාන, වෙළදසැල්, නිවාස ගිනිබත් කිරිමට ක‍්‍රියා කළ අතර ඉන්දියාවේ ද ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියාවන් හේතුවෙන් පුද්ගලයින් 1,200කට ආසන්න පිරිසක් මිය ගියේය.  බංගලාදේශයේ පවතින මුස්ලිම් ආණ්ඩුව යටතේ හින්දූන් සුළු ජාතියක් විය. ඔවුන්ට මුස්ලිම්වරුන් විසින් හිරිහැර කිරීමේ සිද්ධිය නවකතාව ලිවීමට හේතුභූත වී ඇත. එම ක‍්‍රියාව බංගලාදේශවාසින් ලජ්ජා විය යුතු කාරණයක් බවත් ඇරඹුණු කෝලාහල වලට පුරවැසියන් සියල්ලන් ම වග කිව යුතු බවත් ඇය සඳහන් කරයි. නමුත් මුලධර්මවාදය මෙන් ම ජාතිවාදය ද තරයේ ප‍්‍රතික්ෂේප කරන තස්ලිමාගේ ආගමික අන්තවාදයට එරෙහිව ලියූ ලජ්ජා නවකතාව සමාජය ඉදිරියේ ව්‍යසනකාරී කෘතියක් බවට පත් විය. එය කෙතරම් ද යත් ඇගේ ප‍්‍රයාසය වැරදිව වටහාගත් අන්තවාදීන්ගේ දෝෂදර්ශනයට ලක්ව සිය මවුබිමෙන් ද පිටව සිටින්නීය.

ලජ්ජා නවකතාව වාරණය වීම කෙරෙහි නවකතා අන්තර්ගතයේ සඳහන් සමාජීය තොරතුරු කෙතරම් දුරට බලපෑවේ ද?

මෙම කෘතිය අන් රටක සිද්ධියක් මුල් කරගෙන ආගමේ මුවාවෙන් නොමිනිස්කම් කරන අන්තවාදී හා අවස්ථාවාදී කණ්ඩායමකගේ නොපනත්කම් රැුසක් විග‍්‍රහ කර ඇති අතර මානව භක්තිය ඇති කිරීමට දැරූ උත්සහයක් සේ සැලකිය හැකිය. බාබ්රී මස්ජිදය නම් මුස්ලිම් පල්ලිය ඊනියා පවිත‍්‍රකරුවන් කිහිප දෙනෙකු විසින් විනාශ කරනු ලැබීම අරභයා පුවත්පතක පළ වූ ප‍්‍රවෘත්තියක තොරතුරු රැසක් සඳහන් වේ. ඉන්දියාවේ පමණක් නොව අන් හැම රටකම පාහේ මුස්ලිමුන්ගේ වෛරයටත්, හින්දූන් අපකීර්තියට පත් වීමටත් හේතුවන බව පුවත්පතේ සඳහන් වී ඇත. එමෙන් ම හින්දූන්ව ආරක්ෂා කිරීමට බංගලාදේශ රජයට නොහැකි වූ බව විවේචනාත්මකව මෙහි දක්වයි.
වාර්තාකාරී රචනා විලාසය තුළින් හින්දූන්ට සිදුවූ අසාධාරණකම් ආදිය නවකතාව තුළ රචනා වී ඇත්තේ මෙලෙසිනි.
1990 දී ඇති වූ ජාතිවාදී අරගල සමයේදී හින්දු ජාතිකයින් සිය මුස්ලිම් මිත‍්‍රයින්ගේ නිවෙස් වල රැඳෙමින් සිය ආරක්ෂාව සලසා ගත් බව ද, එකල සිදු වූ භයානක සිදුවීම් රැුසක් මෙහි සහන්ය. හින්දු දේවස්ථාන, නෘත්‍ය ශාලා, ප‍්‍රදර්ශනාගාර, ආරාම, වෙළදසැල්, කර්මාන්තශාලා, දේව පිළිම ආදිය විනාශ කළ ආකාරය එයින් නිරූපිතය. 1952 ඇරඹුණු භාෂා ව්‍යාපාරයත්, 1954 එක්සත් පෙරමුණු ඡන්දයත්, 1962 අධ්‍යපන ප‍්‍රතිපත්තීනුත්, අගර්තාලා කුමන්ත‍්‍රණ විරෝධී ව්‍යාපාරයත්, 1970 මහජන ඡන්දයත්, 1971 නිදහස් ව්‍යාපාරයත් ඇති වූයේ බෙංගාලි තරුණ පරපුරේ සාමූහික උත්සහයේ ප‍්‍රතිපලයෙන් බව සඳහන්ය. 1947 දී බෙංගාලයේ දහස් ගණන් හින්දූන් රට හැර ගිය අයුරුත් රටේ ආරක්ෂාවට සිටි හමුදාව විසින් හින්දූන්ට කළ වද හිංසාවන් ද දක්වා ඇත. අන්තර් ආගමික විවාහයන්හි පසුබිම පිළිබ`ද ස`දහනක් ඇති අතර කාන්තාවන් දුර්වල ලිංගිකයන් සේ සැලකූ බවත් මුස්ලිම් හෝ හින්දු යන්න පවා නොසලකමින් කාන්තාවන්ට මුස්ලිම් තරුණයකු මහමගදී කළ හිරිහැර මෙහි දක්වා ඇත.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යවස්ථාවක් පැවතිය ද බංගලාදේශයේ මධ්‍යස්ථ වූ පරිපාලන ක්ෂේත‍්‍රයක් නොවූ බව විවේචනාත්මක මෙහි නිරූපිතය. හින්දූන්ගේ කිසිදු ව්‍යාපාරයක් හින්දු නමකින් ලියාපදිංචි කිරීමට අවකාශය නොවූ බව ද සඳහන් වේ. හින්දු නිවෙස් වලට සිදු කළ පෞද්ගලික හිරිහැර කිරීම්, කාන්තාවන් රැසකට කාමුක හිරිහැර කිරීම්, කෝවිල් රාශියක් ගිනිබත් කිරීම්, ඉන්දියානු එයාර් ලයින් කාර්යාලය හා කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයට ගිනි තැබීම ආදිය විගහ‍්‍ර වේ. මුස්ලිම් ආගම වැළදගන්නා තුරු හින්¥න්ව සිර කොට තබා ගනිමින් අමානුෂික වධ හිංසාවට ලක් කළ අයුරු සහ හින්දූන් මරා දැමූ අයුරු සඳහන්ය.
1965 ඉන්දු පාකිස්ථාන යුද්ධයෙන් පසු පැසිස්ට්වාදී පාකිස්ථානය ඩොමීනියන් තත්වයේ තබා ගැනීමත් සමග සතුරු දේපළ පනතක් මෙයට ඉදිරිපත් විය. නිදහස් බෙංගාලය ද මෙම පනත වෙනත් නමකින් ඉදිරිපත් කර බොහෝ හින්දූන්ගේ දේපළ රජය සතු කර ගත් බව සඳහන්ය. රටේ ව්‍යවස්ථාව රටවැසියන්ට සමාන හිමිකම් හිමි කර දුන්න ද සතුරු දේපළ පනත ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බව නිරූපිතය.

වාරණය වීමේ සමාජීය තත්වය

තස්ලිමා නස්රින් ආගමික සම්ප‍්‍රදායන් තුළ ඉතා දැඩි ලෙස පීඩාවට පත් කාන්තාවන්ට පක්ෂව ඍජුව හඬ නැගූ හා කාන්තාවන්ගේ සමාජ, දේශපාලන හා ලිංගික නිදහස විවේචනයට ලක් කළ අයෙකි. 1992 දෙසැම්බර්  හය වන දින ඉන්දියාවේ බාබ්රි මුස්ලිම් දේවස්ථානය විනාශ වීමත් සමගම බංගලාදේශයේ හින්දූන්ට මුස්ලිම්වරුන් විසින් තදබල හිරිහැර එල්ල කිරීම මුල් කොට ගනිමින් මෙම නවකතාව ලියා ඇත. 1993 පෙබරවාරි මාසයේදී ලජ්ජා නවකතාව බංගලාදේශයේ බෙංගාලී භාෂාවෙන් ප‍්‍රකාශයට පත් වූ අතර ඊට සය මසකට පසුව නවකතාව තහනම් කරන අවස්ථාව වන විටත් පිටපත් හැටදහසකට ආසන්න ප‍්‍රමාණයක් විකිණී අවසක් වී තිබිණි. මෙය ඉන්දියාවේ මෙන්ම බංගලාදේශයේ ද වාණිජමය වශයෙන් ජයග‍්‍රහණයක් විය. රහසිගතව පිටපත් විශාල ප‍්‍රමාණයක් හින්දු යුධකාමීන් අතර බෙදා හැරිණ. 1994 දී ඉන්දියාවේ නවදිල්ලියේ ද 1997 දී ඇමරිකාවේ ද මෙය ඉංගී‍්‍රසියෙන් ප‍්‍රකාශයට පත් විය.
බංගලාදේශයේ මුස්ලිම් මූලධර්මවාදින්ගේ බලවත් විරෝධය පළ කිරීමෙන් අනතුරුව 1993 ජූලි මාසයේදී බංගලාදේශ රජය විසින් ලජ්ජා නවකතාව තහනම් කරන ලද්දේ ජනතාව අතර වැරදි වැටහීමක් ඇති වනවා යන පසුබිමයටතේ ය. 1993 සැප්තැම්බර් 24 වන දින ඬේලි නිව්ස් පුවත්පතේ නස්රින්ට දැකිය හැකි වූයේ ඇගේ මරණයට අතවනනා දැන්වීමකි. බංගලාදේශයේ ඉස්ලාමීය සෙබළුන්ගේ කවුන්සිලය විසින් හෝ මුල්ලාවරුන් විසින් ඉස්ලාම් ධර්මයට විරුද්ධව ඇය කුමන්ත‍්‍රණ කිරීම සහ අවමක් කිරීම මත පදනම්ව මෙම මරණ ත්‍යාගය නිකුත් කර තිබිණි. ධකා නගරයේ පෙළපාලිකරුවන් ඇයගේ ජීවිතය විනාශ කරන ලෙස උද්ඝෝෂණය කරන ලදි. නස්රින්ට පොලිස් ආරක්ෂාව ලබා ගත හැකි වූයේ අන්තර්ජාතික බලපෑම් වල ප‍්‍රතිචාර දැක්වීමක් වශයෙන් ඇයට ඇගේ නිවසේ බාහිරව පොලිස් නිලධාරින් දෙදෙනෙකුගේ ආරක්ෂාව ලබා දීමෙනි. අන්තර්ජාතික කතුවරියන්ගේ අයිතීන් පිළිබඳ සංගමය, තස්ලිමා වෙනුවෙන් පෙනී සිටිමින් මානව අයිතීන් සහ ලොව පුරා සිටින කාන්තාවන්ගේ සංවිධාන නම් ගත කරමින් ව්‍යාපාරයක් දියත් කරන ලදි. ඇයගේ මරණය ප‍්‍රාර්ථනා කරන, ලජ්ජා නවකතාව තහනම් කිරීමට අත් උදව් සපයන හා ඇයගේ විදේශ ගමන් බලපත‍්‍රය අත්හිටුවීමට කටයුතු කරන පුද්ගලයන්ගෙන් ඇයව ආරක්ෂා කිරීමට අදාළ සංවිධාන කටයුතු කරන ලදි. ස්වීඩනය, නෝර්වේ, එක්සත් රාජධානිය, ප‍්‍රංශය සහ ජර්මනිය යන රටවල්හි රජයන් නිල වශයෙන් මැයට සිදුවන අසාධාරණයට එරෙහිව විරුද්ධත්වය ප‍්‍රකාශ කළ අතර අවසානයෙදී නෝර්වේ සහ ස්විඩනය බංගලාදේශයට ලබා දෙන සියළුම ආර්ථික සහනාධාරයන් කලා හැරීමට තීරණය කරන ලදි.
නස්රින්, බංගලාදේශයෙන් පිටත සහ ඉන්දියාව තුළ බටහිර ලෝකයේ සංකේතයක් වූ ප‍්‍රකාශන අයිතියේ සහ කාන්තා අයිතීන්හි කැපී පෙනෙන චරිතයක් බවට පත් විය. බංගලාදේශ රජය ඇයගේ විදේශ ගමන් බලපත‍්‍රය නැවත ලබා දුන් අතර අත්අඩංගුවට ගැනීමක් නොකරන ලදි. කෙසේ නමුත් ඇය බංගලාදේශයේදී අපරාධයක් සිදු කළා යැයි මරණ තර්ජනයක් එල්ල වීය. මෙම කාල සීමාව වන විට බංගලාදේශ ආණ්ඩුව පැවතියේ බංගලාදේශ දේශාභිමානී පක්ෂයේ අග‍්‍රාමාත්‍ය ඛාලේද සියා (Khaleda Zia) යටතේය. අග්‍රාමාත්‍ය ඛාලේද සියා තෝරාපත් කර ගැනුණේ මුස්ලිම් පක්ෂයේ සහයෝගය මතයි. 1994 අප්‍රේල් වන විට විදේශ ගමන් බලපත්‍රය ආපසු ලැබීමත‍් සමඟ නස්රින් ප‍්‍රංශයට ගියේ අන්තර්ජාතික පුවත්පත් නිදහස් දිනය වෙනුවෙනි. නැවත ඉන්දියාව හරහා බංගලාදේශයට යන අතරවාරයේ ද Calcutta Statesments නම් ඉංග‍්‍රීසි භාෂා පුවත්පතේ සම්මුඛ සාකච්ඡාවක් සඳහා ඉදිරිපත් වූවාය. එහිදී ඇය ප‍්‍රකාශ කළ කුරානය මුළුමනින් ම සංශෝධනය විය යුතුයි යන ප‍්‍රකාශය උද්ධරණය කර දැක්වීය. එම ප‍්‍රකාශය ඇය කුරානය, වේද ග‍්‍රන්ථය, බයිබලය සහ අනිකුත් සෑම ග‍්‍රන්ථයක්ම සංශෝධනය විය යුතුයලෙසින් කළ ප‍්‍රකාශයක් බව පසුව වාර්තා කරන ලදි. බංගලාදේශයේ මූලධර්මවාදීන් දහස් ගණනින් මාර්ගයන්හි පෙළපාලි ගියේ ඇයගේ මරණය ආයාචනා කරමිනි. එම කලහකාරී පිරිස ඇය වෙනුවෙන් කණගාටුව පළ කළ පුවත්පත් කාර්යයාල සහ ආක‍්‍රමණය කළ අතර ග‍්‍රන්ථ ගබඩාවන් තුළින් ඇගේ පොත් කොල්ලකන ලදි. ආගමික කණ්ඩායම් ඇයව අත්අඩංගුවට ගන්නා ලෙසින් රජයට බල කරන ලදි. 1994 ජූනි 04 වන දින රජය ඇයට විරුද්ධව චෝදනා ගොණු කරනුයේ 19 ශත වර්ෂයේදී බි‍්‍රතාන්‍ය යටත්විජිත සමයේදී කලාතුරකින් භාවිත කළ බවට සලකන ඕනෑම කණ්ඩායමක ආගමික හැඟීමකට, එහි ආගමට සහ ආගමික විශ්වාසීන්ට සාහසික අන්දමින් හානි කරමින් කරන සඳහන් කිරීමක් නම් වූ තහනම් කිරීමේ ආඥාපනතකට අනුවය. එම අපරාධයට හිමි වමට නියමිත වුයේ උපරිමයෙන් වසර දෙකක සිර දඬුවමකි. අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව නිකුත් වන විට ඇය තම නිවෙස අත්හරිමින් රහසින් පිටව ගියාය. සැඟවී යාමට පෙර පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඇය පවසා සිටියේ                                                      
අල්ලාහ්ගේ නාමයෙන් නොයෙක් අකටයුතුකම් සිදු විය. මට මාගේ ජනසංහාරය වෙනුවෙන් ලිවවීම අත් හළ නොහැක.. කුරානයට තව දුරටත් අපගේ නීතිය ලෙසින් ගැතිකම් කිරීමට නොහැක.. එය කාන්තා විමුක්තිය සඳහා වන කි‍්‍රයාවලියක් වෙනුවෙන් නැගී සිටිය යුතුය.. ප‍්‍රශ්නය වනුයේ මූලධර්මවාදීන්ගේ අසහනයයි. මම මගේ ලිවීම වෙනුවෙන් සටන් කරමි. ඔවුන්ට අවියක් සමග සටන් කිරීමට සිදුවේවි. මම ප‍්‍රකාශ කරන්නේ මම සිතන දේ අනුව ඔවුන්ට මා මරා දැමීමට සිදු වන බවයි. මාව තැති ගැන්වීමකට ලක් කිරීමට ඔවුන්ට කිසිදා හැකි නොවේවි”.
අගෝස්තු 03 වන දින දීර්ඝ කතිකාවකින් අනතුරුව ඇගේ නීතිමය උපදේශකවරයා, බටහිර නීතිපති සහ බංගලාදේශ රජය විසින් නස්රින්ට ඇප ලබා දීමට සහ පසුකාලීනව විශේෂ දිනයකදී නඩු විභාගයකට පෙනී සිටිමට ඉඩ ලබා දෙන ලදි. ඇය සවීඩනයට ගිය අතර එහි නැවතී සිටින විට එරටින් පිටුවහල් කරන ලදි. එම අවස්ථාවේදී ඇය යුරෝපයට සහ එකසත් රාජධානියට ගියාය. (1998 දී ඇය සිය අසනීප තත්වයේ පසුවන මව බැලීමට ඉන්දියාවට පැමිණි අතරම නැවත ඇයට එල්ල වූ තර්ජන හමුවේ සැගවිය. 2005දී ඇය කල්කටාවට පැමිණි අතර පුවත්පත් සඳහා ලිපි රැසක් ලියන ලදි. නමුත් ඉන්දියානු රජය නස්රින්ට ලබා දුන්නේ තාවකාලික වීසාය. 2007 දී කල්කටාවේ ප‍්‍රචණ්ඩකාරී මුස්ලිම් ජන කොටස් වල විරෝධය හේතුවෙන් රජය විසින් දිල්ලියෙ හි ආරක්ෂාකාරී නිවසක් වෙත යවන  ලදි. එය ඇයව සිර කර තැබීමක් යැයි විරෝධය පාමින් නැවත එක්සත් රාජධානිය වෙත යන ලදි.

ඉන්දියාව වැනි රටක් කාන්තාවන් දකින්නේ කැපවූ භාර්යාවන් සිටින පවුලේ වැඩ කටයුතු කරන, මවුවරු සිටින රැකවරණය ලබා දිය යුතු සහෝදරියන් සිටින පුරුෂාධිපත්‍ය ඇති රටක් ලෙසිනි. තස්ලිමා ස්ත‍්‍රීවාදය රැඩිකල්වාදීව ඉස්මතු  කළ අතර ඒ වෙනුවෙන් කාව්‍ය, ගද්‍ය රචනා, නවකතා රචනා කළ අයෙකි. ඇයගේ ට්විටර් ගිණුමේ 120,000 පමණ පරිජනයින් සිටින අතර ඇය එහිදී ඍජුව පවසා සිටින්නේ පිරිමින් විසින් කාන්තාවන් දූෂණයට ලක් කරන්නේ ඔවුන් චිත‍්‍රපට වල කාමුක දර්ශන නරඹන හේතුව නිසා සහ  පුරුෂාධිපත්‍යය සහිත සමාජයක් ගොඩ නැංවීමට ප‍්‍රගුණ කරමින් සිටින නිසායනුවෙනි.
තස්ලිමා නස්රින්ගේ නවකතා මෙන්ම ලේඛන රටාව අනුව ඇගේ ප‍්‍රතිරූපය සමාජගත වූ ආකාරය බංගලාදේශයේ එස්.එම්. ශම්සුල් අලාම් S.A. Shamsul Alam සිය Women in the Era of Modern and Islamic Fundamentalism: The Case of Taslima Nasrin of Bangladesh නම් කෘතියේ මෙලෙස සටහන් කරයි.

ඉස්ලාම් මූලධර්මවාදි පාක්ෂිකයන්, අනාගාමික ප‍්‍රගතිශීලී නූතනවාදී බුද්ධිමතුන් සහ ලේඛකයන් ඇයගේ රචනාවන් ඉවත දැමීම කළ යුතු බවට ඉල්ලා සිටි. ඔවුහු ඇයගේ මරණය නො ඉල්ලමින් ඇයව අපරිණත’ , ‘තරමක් පිළිකුල් සහගත’, ‘ලිංගභේදය සිතෙහි දරණ’, ‘දේශපාලන වශයෙන් නිවට වූසහ පුරුෂයින්ට ප‍්‍රතිවිරුද්ධ අන්තවාදියකුලෙසින් විවිධාකාරයෙන් විග‍්‍රහ කළහ.
එස්.එම්. ශම්සුල් අලාම්  S.A. Shamsul Alam
ඩබ්.ඒ. අබේසිංහයන් සිළුමිණ පත්‍රයට ලියූ සාහිත්‍ය කොලමේ තස්ලිමා නස්රින් සම්බන්ධයෙන් ද තීරු ලිපියක් පළ වූ අවස්ථාවක් ඇත. ඔහු දක්වන්නේ විමුක්තිකාමී කාන්තාවක් පිළිබඳ ලිපිය ගෙන එන බවයි.
තස්ලිමා නස්රින් ඒ නිර්භීත ගැහැණිය...අද නස්රින් ගොදුරුව සිටින ඉරණමට ඊට කලින් ගොදුරු වූ සල්මන් රුෂ්දි ගැන ද මේ දවස් වල ආරංචියක් ඇත්තේ නැත. එහෙත් නස්රින් පිළිබඳව නම් කතා කරන්නට බොහෝ දේ ඇත... මෙම තරුණ ගැහැණිය මුලු මහත් කාන්තා සංහතියේ ම ධෛර්යයේ සහ නිර්භීතභාවයේ ද සංකේතය හැටියට අද නැඟී සිටින්නීය.. මහත්මා ගාන්ධි තහ රටේ ගැහැණුන් ගැන පමණක් නොව ලොවේ සියළුම ගැහැණුන් ගැන කියූ දේ වඩාත්ම ගැළපෙන්නේ නස්රින්ට යයි මම සිතමි.මහත්මා ගාන්ධි මෙසේ පැවසීය.
"ගැහැණිය වනාහි ආත්ම පරිත්‍යාගයේ උත්තුංග සංකේතයයි. නිසි හැඟීමෙන් යුතුව ක්‍රියා කරන විට ඇයට සෙලවිය නොහැකි කිසිම කන්දක් ඇත්තේ නැත. "
ගාන්ධිගේ ඒ වචන අද ඇත්තටම ගැළපෙන්නේ නස්රින්ගේ චරිතයටය. හැම්ලට්හි, "එම්බා චපලකම, නුඹේ නම ගැහැණය වෙතැ"යි පැවසීය. එම වැකිය, එම්බා නිර්භීතකම, නුඹේ නම ගැහැණිය" යි යනුවෙන් වෙනස් කළ යුතු නොවේ ද?... බංගලිදේශ කතුවරියක වන තස්ලිමා නස්රින් ජනතාවගේ අවධානයට යොමු වුයේ  ඇය ලියූ ලජ්ජා නමැති නවකතාවටත් වඩා එම නවකතාව සම්බන්ධයෙන් මුස්ලිම් මූලධර්මවාදින් ගෙන ගිය විරෝධය නිසාය. නස්රින් ම කියන හැටියට ඇයගේ නවකතාවෙන් කොටස් කිහිපයක් විකෘති කොට දැක්වූ මූලධර්මවාදීහු ඇය ශුද්ධ වූ කුරාන් ග්‍රන්ථයට අවමන් කරතියි චෝදනා කළහ...

මාසෙල් කාට්ස් නැමති පුවත්පත් කලාවේදියාට තමා පිළිබඳව තතු හෙළිකරමින් ඇය මෙසේ පවසා ඇත.
"ලිවීම නවත්වන්ට මම සූදානම් නැහැ. මට එකඟවන්ට බැරි කාරණය නම් මා විශ්වාස කරන දේවල් ගැන මට ලියන්නට ඇති අයිතිය අතහැරීමයි. ගැහැණුන් දෙවනි පන්තියේ පුරවැසියන් හැටියට සලකන ක්‍රමයකට විරුද්ධව සටන් කිරීමට මට තියන අයිතිය අතහරින්ට මා සූදානම් නැහැ. මම පුංචි නිදසුනක් දෙන්නම්. අපේ රටේ  සමහර සොහොන් පිටිවල මේ වාගේ දැන්වීම් ගසා තිබෙනවා. "ගැහැණුන් සහ එළදෙනුන්ට ඇතුළුවීම තහනම්". බංගලිදේශයේ ස්ත්‍රින්ට මගේ පොත් මිළදී ගන්ට අවශ්‍ය නම් එවිට ඔවුන් එසේ කරන්නේ රහසිගත ස්ථානයකදීය."

නස්රින් අද ජීවත්ව සිටින්නේ සිවීඩනයේය. ස්වීඩන රජය විසින් ඇයට ආරක්ෂාව සපයයි. අද ස්වීඩනයේ සැඟවී සිටිය ද තස්ලිමා රාජ්‍ය නායිකාවකි . ඇය ලිවීම නවත්වා නැත. සිය ප්‍රංශ ප්‍රකාශකයා විසින් ඇයට ත්‍යාග කළ අතේ ගෙන යා හැකි කොම්පියුටරයකින් ඇය ස්වකීය ලේඛනය දිගටම කරගෙන යන්නීය. මෙම ලිවීම නවත්වන්නේ නැතැයි නස්රින් සපථ කරයි. මෙම කොලමේ කිසියම් කිසියම් තැනකදී ගැහැනිය, නිර්භීතකම යැයි මම නම් කළෙමි. මෙකල්හි එම යෙදුම ජීවමාන සත්‍යක් බවට පත් කරමින් සිටින්නී තස්ලිමා නස්රින්ය. එම්බා ගැහැනිය මම නුඹට හෘදය සාක්ෂිය යයි කියමි. “ (අබේසිංහ, පි.69)




                                                      









Saturday, June 4, 2016

නව මාධ්‍යයයේ ගුණ අගුණ.....

නව මාධ්‍යයයේ ගුණ අගුණ.....


     සාම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට ගිය නව මාධ්‍ය කලාවක් බිහි වන්නේ 20 වන සියවස මුල් භාගයේදීය. ක්‍රමිකව විකාශනය වෙමින්  ආ නව මාධ්‍ය වර්තමානය වන විට ජනයාගේ අතැඹුලක් වී හමාරය. ලොව කොතැනක ජීවත් වුවත් ඕනෑම තොරතුරක් එසැනින් දැන ගැනීමේ හැකියාව පවතින්නේ නව නිසාය. මානවයා දූපත් මානසිකත්වයෙන් මුදා ලීම නව මාධ්‍ය ඇතිවීමේ ඵලයකි.

    විශාල ග්‍රාහක ප්‍රජාවක් වෙත එකවර ළඟා වීමට සමත්, තාක්ෂණිකමය ස්වභාවයක් ගන්නා, අන්තර් ක්‍රියාකාරී සම්බන්ධතා පවත්වා ගැනීමට හැකි නව මාධ්‍ය මාධ්‍යන්හි සමාජීය බලපෑම පිළිබඳ විවිධ කතිකාවන් ගොඩ නැගී ඇත. සුබවාදී මෙන්ම අසුබවාදී බලපෑම් මේ අතර වේ. ගෝලීයකරණය ද නව මාධ්‍යයයේ ප්‍රතිඵලයක් බව පැවසෙන අතර ගෝලීයකරණය විසින් ලොව පුරා මිනිසුන් අතර ම්නිසුන් අතර ඇති දුර ප්‍රමාණය හකුළුවනු ලබයි. දූපත් මානසිකත්වයෙන් මිදුණු සමාජයකට මඟ පෙන්වන්නේ ද නව මාධ්‍යයි. තොරතුරු ප්‍රජාතන්ත්‍රීකරණය ද නව මාධ්‍යයයේ තවත් වාසිදායක පැත්තකි. නව මාධ්‍යයයේ බලපෑමට දැඩි ලෙස හසුවන ක්ෂේත්‍රයක් ලෙසින් මහජන සම්බන්ධතා ක්ෂේත්‍රය ද හඳුනාගත හැකිය. සාම්ප්‍රදායික ප්‍රවෘත්ති මාධ්‍යයයේ ආවරණය වඩාත් පුළුල් කිරීමක් සිදු කරන්නේ ද නව මාධ්‍යයි.

     නව මාධ්‍ය බිහි වීමේ අරමුණ කෙසේ වෙතත් එය හසුරුවන්නාගේ වගකීමේ ස්වභාවය මත නව මාධ්‍යයයේ අයහපත් ඵල විපාක ද ලැබී ඇත. You tube, Twitter, Facebook, skype, Instagram, Snapchat ආදී සමාජ ජාල භාවිත කරන්නන් අනිටු විපාක වලට ගොදුරු වූ සිද්ධි රැසක් ලොව සෑම රටකින්ම දැක ගත හැකිය. නව මාධ්‍ය ඔස්සේ ප්‍රවේශම්කාරීව භාවිත කිරීම වගකීමකි. ජීවිත හානි සිදු කර ගැනීම්, බුද්ධිමය දේපල සොරා ගැනීම්, චරිත ඝාතනයන්, පුද්ගල හො ආයතන වලට අපහාස වීම්, අපයෝජනයන් ආදී විවිධ අනිටු ප්‍රතිඵල රැසකි.

     නව මාධ්‍යට ඇබ්බැහි වූවෝ සිටිති. අන්තර්ජාලය ඔස්සේ ප්‍රචලිත වීඩියෝ ක්‍රීඩා, අසභ්‍ය ප්‍රකාශන (Pornography) ආදිය මෙම ඇබ්බැහිවීම් මේ අතර වේ. ගෝලීය වශයෙන් වැඩිම භාවිතයක් ඇත්තේ අසභ්‍ය ප්‍රකාශන සහිත වෙබ් අඩවිය. යම්තාක් දුරට පවතින සීමා කිරීම් පැවතිය ද අධ්‍යාපනය ලබන දරුවන් අනිටු විපාක වල ගොදුරු බවට පත් වීමේ සම්භාවිතාව වැඩිය. එහෙයින් නව මාධ්‍යයයේ ද අන්තර්ගතය හෝ ක්‍රියාකාරිත්වය පාලනය කිරීම උචිත බවට තර්ක කිරීමට හැකියාව පවතින බවට සක් සුදත් සේ පැහැදිලිය.

සිහින දකින්නෝ...

සිහින දකින්නෝ...



බිළිඳකු මෙලොව එළිය දකින්නේ කිසිවක් නොදැනය. හය හතර තේරීමට පටන් ගන්නා වියේ සිටම වැඩිහිටියෝ ඔහුට සිහින දකින්නට කියා දෙති. ඒ නින්ද්‍රාවෙන් සිහින දකින්නට නොව සැබැවින්ම ජීවිතය දිනා ගැනීමට අපේක්ෂා කරන සිහිනයන් දැකීමටය. සෑම අයෙකුම එක් සිහිනයක් හෝ සිහින කිහිපයක් තම සිත්හි දරයි. එබැවින් අපි සියල්ලෝම සිහින දකින්නෙමු.
බලාපොරොත්තු පොදි බැඳන් තම ආශාවක් ඉෂ්ට කර ගැනීමට තැත් කරන්නාට එය ඉටු කර ගන්නා තුරු ඉවසිල්ලක් නොමැත. තම හීනය කරා ළඟා වනතුරු ඔහු හෝ ඇය තුළ පවතින්නේ නොතිත් ආශාවකි. මෙරට අධ්‍යාපන ක්‍රමයේ විභාග ක්‍රමය දෙස විමසූ විට ශිෂ්‍යත්වය සමත් වීමට, සාමාන‍්‍ය පෙළ විභාගය සමත් වීමට, උසස් පෙළ සමත් වීමට සහ සරසවි වරම් ලැබීමට අධ්‍යාපනය හදාරන්නන් තුළ පවතින සිහිනයන්ය. ඉන්පසුව ඇත්තේ රැකියාවක් කිරීමේ හීනයකි. නමුත් වර්තමානයේදී උපාධිධාරීන් ද සිටින්නේ තම රැකියා සිහිනය ඉටු කර ගැනීමට නොහැකිවය. මෙය මහත් බරපතල අර්බුදයකි. වසරකට විශ්‍රාම යන ප්‍රමාණයට සාපේක්ෂව රැකියා සඳහා බඳවා ගන්නා ප්‍රමාණයක් ද පැවතිය යුතුය. එසේම ඒ සඳහා යම් ක්‍රියා පටිපාටියක් තිබිය යුතුය. නමුත් එය සිදු නොවීම මහත් ගැටලුවක් වී ඇත.

ඇතැම් පුද්ගලයෙක් තම අධ්‍යාපනය නිසි අයුරින් නිම කරවා රැකියාවක නියැලීමේ අරමුණින් නොසිටී. ජීවන බර කර මතට ගැනීමට ඔවුන් පසුබට නොවන්නේ සමාජමය, පුද්ගලබද්ධ, සංස්කෘතිකමය, ආර්ථිකමය ආදී විවිධ කරුණු කාරණා හේතුවෙනි. හීනයන් කරා ළඟා වීමට අත් උදව් සපයන්නන් සීමිතය. නමුත් එවැනි වන සිවුපාවුන් මධ්‍යයේ දෙවි දේවතාවුන් ද නැත්තේ නොවේ. අධිෂ්ඨානය, වීර්යය, උත්සහය, කැපවීම ආදී සියල්ල යෙදවූවත් සිහිනය කරා ළඟා වීමට වාසනා ගුණ මහිමය ද තිබිය යුතු යැයි පැවසේ. සිහින තරුවක්, සිහින කුමාරියක්, සිහින කුමාරයෙක් වීමද ප්‍රබල මෙන්ම ජනප්‍රිය හීනයන්ය. අතීතයේ පටන් නායකත්වය දිනීමට සිහින මැවූවෝ සිටියහ. එය අදටත් එසේමය. සිහින මැවීමත් සිහින දැකීමත් සර්වකාලීන, සර්ව පුද්ගලබද්ධ මෙන්ම සර්ව භෞමික කාරණාවක් බැව් පසක් වන්නේ එබැවිනි.

Sunday, November 29, 2015

සිතුවමට නව පණක් ලබා දෙන තරුණියක්. . .


1995 වර්ෂයේදී උපත ලද ඇය නමින් ක්‍රිස්ටිනා වෙබ් ය. නවසීලන්තය ඇයගේ මවු රටයි. සිතුවමි කලාවට නව අරුතක් ඈ එක් කරන්නේ මුලු මහත් ලොවක් මවිත කරමිනි. ලොව බිහිවී සිටින ශ්‍රේෂ්ඨ සිතුවම්කරුන්ට ඔවුන්ගේ අනන්‍යතාවය ස්ථාවර කර ගැනීමට දීර්ඝ කාලයක් ගත වෙද්දී මැය ළාබාල වියෙහිදිම නිර්මාණකාරිනියක ලෙසින් ඇයගේ අනන්‍යතාවය හෙළි කරගෙන හමාරය. බහක් නොතේරෙන දෙහැවිරිදි වියේ සිටන්ම ඇය සිතුවම් ඇදීමට ආශා කළ බව අන්තර්ජාලයේ සදහන් වේ. 2012 දී ඇයගේ සිතුවම් අන්තර්ජාලයට මුදා හැරීමත් සමග සිතුවම් කලාවට නව ප්‍රවේශයක් එක් වීය. ක්‍රිස්ටිනා වෙබ් සිතුවම් ඇදීමට පමණක් නොව  ඡායාරූපකරණයට හා රටින් රට සංචාරයටද බොහො ඇලුම් කරන්නියකි. මැයගේ සිහිනය වී ඇත්තේ සියලුම සිතුවම් වලින් මිනිසුන් ආකර්ෂණය කර ගැනීමයි.

ඇයගේ සිතුවම් ජීවමාන බවක් උසුලයි. ඇය සිතුවම් කලාවේදී වැඩි අවධානයක් යොමු කරනුයේ  වර්ණ සංකලනයටයි. ක්‍රිස්ටිනා වෙබ්ගේ සිතුවම් වල සුවිශේෂිත්වය වන්නේ ඇය තම සිතුවම් සදහා යොදා ගනු ලබන්නේ ඉවතලන ද්‍රව්‍ය වීමයි. පැන්සල් ද්‍රව්‍ය වර්ණවත් මල් පෙති ආදියෙන් මවන වර්ණ සංයෝජනය සිතුවම් වලට අපුරු ආකර්ෂණීය බවක් එක් කරයි. මැයගේ සිතුවම් අධික මිලකට අළෙවි වන බවත් වාර්තා වෙයි. intagram හරහා ඇයට අනුගාමිකයන් මිලියන 300ක් පමණ වන බවත් වාර්තා වෙයි. ඇයගේ සිතුවමි කලාව ආශ්‍රිත පොත් රැසක් ද අන්තර්ජාලය හරහා මේ වන විට අළෙවි වෙමින් පවතී.ඇය විසින් නිර්මාණය කළ ත්‍රිමාණ සිතුවම් සදහාද ඩිස්නි කාටුන්මය සිතුවම් සදහාද ඇත්තේ ඉහළ ප්‍රතිචාරයකි. ස්වාභාවික අයුරින් ප්‍රතිනිර්මාණය කරන ඇයගේ සිතුවම් හදවත් ආකර්ෂණීය කර ගන්නේ නිරායාසයෙනි.

අන්තර්ජාලය ඇසුරිනි 
 




වැරදීම !















සහතිකය
කෝ
උප්පැන්න ?
නේක ගැරහුම්
ලොවෙන් විඳින්නට
නුඹට
උරුම වූයේ
අහෝ !
වැරදීමක්….
ගන්ධබ්බ
වූ කලම
හැකි වුණි නම්
චුත කරන්නට
පිළිතුරු
අවැසි නැත

කිසිවකුට උත්තර බදින්නට……


නලිනිකා ලක්ෂාණි

Saturday, November 28, 2015

 ඔබ මිස වෙන නැති යශෝදරා....



 
















නොමියෙන සෙනෙහස හදෙහි හොවා      ගත්
ආදර සියපත ළය මඩලට                         ගත්
මිහිමත ජනිතවු අරුත වටහා                    ගත්
ඔබ මිස වෙන නැති                                 යශෝදරා

විටකදි දෙනෙතේ කඳුලැල්                    පුරවා
ලොවට පෙනෙන්නට මුව මල               සරසා
හද කුසුමේ දුක තනිවම                         ඉවසා
සිනා වුණා ඔබ                                      යශෝදරා

සසරක් පාසා පසුපස                             ඇවිදින්
වෙන්වෙන්නට නොව ළංවි                   හිඳිමින්
සිටියා දුක සැප සමව                            බෙදාගෙන
නුඹ වැනි වෙන නැති                            යශෝදරා

ලේන කුලේ සිට නිවන් දකින                 තුරු
පහන් සිලක් වුණි සසරක්                        පාසා
සෙනෙහස නොසිඳෙන උල්පත නුඹ        විය
සෙනෙහස් ග`ගුලේ අරුත                       කියා

කල්ප කාලයක් පෙරුම්                         පුරාගෙන
ආවා නොසැලෙන සෙවණැල්ලක්          වී
නොකැලැල් පේ‍්‍රමය හදෙහි                    දරාගත්
යශෝදරාවෙනි ලොවට අගෙයි               ඔබ

 පෙරුම් පුරාගෙන ඔබ ආ වග                   තුග
දේව මිනිස් කැල දනිති ඔබේ                    වග
හැම සංසාරෙම සිටියා පස                        පස
පෑව සෙනේ ලොව සිහින                         කුමාරිය

උපදින සසරේ පැතුම                              දරා ආ
හදමල දැවුණා ගිය පසු                            හැරදා
ආත්ම ගණනේ සිතුවිලි                           අහුරා
සසර නිමාවුණි පැතුම                              ලබා



නලිනිකා ලක්ෂාණි