ළඟම ලිපිය

Sunday, August 21, 2016

මන බඳිනා විලාසිතා......


අගෝස්තු 21 වන දිනට යෙදෙන ලෝක විලාසිතා දිනය නිමිත්තෙනි.

විලාසිතා යන පදය කිසියම් දෙයක ක‍්‍රමය නොහොත් විලාසය යන අර්ථය ගනී. මෙය විවිධ ක්ෂේත‍්‍ර සමඟ සබැඳෙන අතර මෙහිදී සලකා බලන්නේ ඇදුම් පැලඳුම් ආශ්‍රිත විලාසිතාවන්ය. විලාසිතා යනු නූතනයේ අඳින පළඳුදින ආකාරයයි. එය දේශයෙන් දේශයට සංස්කෘතියෙන් සංස්කෘතියට මෙන් ම පුද්ගලයාගෙන් පුද්ගලයාට ද වෙනස් වන අතර මානව අවශ්‍යතා අතර ඇඳුම් පැලඳුම් වලට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. මෙය මානව පරිණාමයත් සමඳුග මිනිසා විසින් නිර්මාණය කරගත් දෙයකි. ප‍්‍රාග් ඓතිහාසික මානවයා නිර්වස්ත‍්‍රව සිටි අතර ශරීරයේ ආරක්ෂාවට මෙන් ම විලි බිය වසා ගැන්මට භාවිත කළ ද්‍රව්‍ය ඇදුමේ මූලාරම්භය ලෙස ගත හැකිය. නිතර ඇඳුම් රටාව වෙනස් කිරීමේ කලාව ඉතිහාසඥයන්ට අනුව බටහිර ලෝකයේ එකකි. යුරෝපයේ ඇඳුම් විලාසිතාවන් වෙනස් කිරීමේ ආරම්භය 14 වන සියවස මැද භාගය දක්වා දිවෙයි. බටහිර ලෝකයේ ඇඳුම් පැලඳුම් වල විලාසිතා ආරම්භ කළේ ජේම්ස් පේවර් සහ ෆර්නෑන් බෞඩෙල් විසින් යැයි සඳහන්ය. පිරිමින්ගේ ඇඳුම් වලට විශේෂ අවධානයක් යොමු වූ අතර මින් පසුව එම තත්වය කාන්තාවන්ගේ කොණ්ඩා මෝස්තර සහ ඇඳුම් වලට අවධානය යොමු විය.

නූතනත්වය තුළ ජීවත් වීමට නම් අදාළ කාලය තුළ පවතින සමාජයට අනුව ජීවත් විය යුතුය. විලාසිතා යනු යම් කාල පරිච්ඡේදයකදී නිර්මාණය වන ඇඳුම්, පලදනා, ආභරණ, පාවහන්, අත්බෑග් ආදි සියල්ලයි. මේවා භාවිතයට ගැනීම විලාසිතාකරණයයි. පෙරදිග සංස්කෘතිය තුළ වර්තමානයේ බිහි වන විලාසිතා සංස්කෘතියට නොගැළපෙන අන්දමෙන් භාවිත වේ. බටහිරකරණයට ලක්වීම සහ ජාතීන් සම්මිශ‍්‍රණය වීම මීට හේතුවයි. ලාංකීය ඔසරිය වුව ද අද වන විට විශාල වශයෙන් වෙනස් වීමකට ලක් වී ඇත. මිනිසාට ඇඳුමක් ඇද සිටීමේ මෙන්  ම නොඇඳ සිටීමේ නිදහසක් ඇත. එය එසේ වුව ද අප ජීවත් වන්නේ සමාජයක බැවින් ගෞරවනීය ජීවත් වීමට ද නිදහස පැවතිය යුතුය. පුද්ගලයකු විලාසිතාවන් අනුගමනය කළ යුත්තේ තමන් ට උචිත අයුරිනි. තම ශරීරයේ ප‍්‍රමාණය මෙන් ම තමා ජීවත් වන පරිසරයට අනුව ඇඳුම් භාවිත කිරීම වටින්නේය. අපට සමාජයේ ගෞරවයෙන් ජීවත් වීමට ඇඳුදුම බලපෑම්කාරයක් වී හමාරය. සමාජ තත්වය, පිළිගැනීම, උගත්කම ආදිය පවා තීරණය වීමට විලාසිතාවන් හේතු වන තත්වයක් උදා වී ඇත.

ඡායාරූපකරණය බිහි වීමත් සමඳුග සහ දැන්වීම්කරණය බිහි වීමත් සමඟ විලාසිතා, නිරූපණ ශිල්පය තුළ ජනප‍්‍රියත්වයට පත්වී ඇත. නූතන මාධ්‍යයේ සීමා මායිම් නොමැත. නව මාධ්‍යයක් තුළින් ප‍්‍රචාරණය වන  ඕනෑම විලාසිතාවක් වැළඳුද ගැනීමට තරම් ජනතාව හුරු වී ඇත. ජන මාධ්‍ය සමඟ විලාසිතා පිළිබඳුද කතා කරන විට ඉතා ඉක්මණින් ජනයාට සමීප විය හැකි මාධ්‍ය තුළින් නව විලාසිතාවන් අත්හදා බැලීමට පෙළඹෙන බව කිව හැකිය. මෑත කාලීනව රූපවාහිනියේ විකාශය වූ කොරියානු ටෙලි කතා මාලාවන්හි පාත‍්‍රයින්ගේ විලාසිතාවන් ශ‍්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීම මීට නිදසුනකි. මෙය සරල කාරණාවක් ලෙසින් පෙනුන ද අභ්‍යන්තරිකව බලන විට එසේ සිතමින් ඉවත දැමිය නොහැකි බව කිව යුතුය. මෝස්තර නිරූපණ ශිල්පය, නර්තනය, රංග කලාව, කොණ්ඩා මෝස්තර ශිල්පය ආදි විවිධ ක්ෂේත්‍ර තුළ විලාසිතාවන් කැපී පෙනේ.

සංස්කෘතියට, සමාජයට උචිත විලාසිතාවන් අනුකරණය කිරීම ගැටළුවක් නොවුන ද අනුචිත විලාසිතාවක් අනුකරණය කිරීම හෝ භාවිතයට ගැනීම තදබල ගැටළුවක් වී හමාරය. විවිධ අවස්ථාවන් හිදී භාවිත වන විලාසිතා වර්ග ඇත. කාලයෙන් කාලයට වෙනස් වන විලාසිතා ලෝකය සමඟ මිනිසා ද වෙනස් වේ. මෙය මානව ආරම්භයේ සිට අදට මෙන් ම අනාගතයටත් පොදු ධර්මතාවයකි. නමුත් විලාසිතා සමඟ වෙනස් වන ලොව කොතෙකුත් සංස්කෘති පැවතිය ද ඇතැම් ආගම් සිය අඳුදින පලඳුදින ක‍්‍රමය වෙනස් නොකිරීමට වග බලා ගනී. නමුත් එයට සම්පූර්ණයෙන් එකඟ වීමට ද නොහැකිය.   වෙනස් වන විලාසිතා ලෝකය තුළ ජීවත් වන්නන් එයට අනුගත වී සිටීමට උත්සහ නොදරන බව හෝ නව විලාසිතාවන් අනුගමනය නොකරනවා යැයි පැවසීමට තරම් හැකියාවක් නොමැත. ඒ විලාසිතා මිනිස් ජීවිතයට නිතැතින් ම සමීප වී ඇති බැවිනි.


නලිනිකා ලක්ෂාණි

No comments:

Post a Comment

Thank You!