ළඟම ලිපිය

Saturday, November 19, 2016

ලොව ප්‍රසිද්ධ ම ආලේඛ්‍ය Portrait ඡායාරූප ශිල්පීන් දස දෙනා (Part 01 )


වර්මානයේ දී සංචාරක ආලේඛ්‍ය Portrait ඡායාරූපකරණය, ඡායාරූපකරණ ක්‍රම අතර ඉහල ජනප්‍රියතාවයකට පත්වෙලා තියෙනවා. මෙය සාමාන්‍ය Portrait ඡායාරූප ලබා ගැන්මට වඩා හාත්පසින්ම වෙනස් දෙයකි. එය උඩුකය ඡායාරූපයක් ඡායරූපගත කර ගැනීමක් පමණක්ම නොවන අතර, මොහොතක්, චිත්තවේගයක් හෝ හැඟීමක් අල්ලා ගැන්මක්. නිවැරදි අයුරින් සිදු කරගැන්මට නම්, සියල්ල එකිනෙකට අන්තර් ක්‍රියාකාරී විය යුතු මෙන්ම, නිවැරදි මොහොත අල්ලා ගන්නා ආකාරය කෙසේ ද යන්න පිලිබඳ දැන සිටිය යුතුය.

2015 වන විට ලොව සිටින ප්‍රසිද්ධ ම ආලේඛ්‍ය ඡායාරූප ශිල්පීන් දස දෙනා ඇසුරින් සැකසූ ලැයිස්තුව තමයි මේ තියෙන්නේ.

1. ස්ටීව් මැක්කරි (Steve McCurry)

Steve McCurry (prezi.com)
1950 පෙබරවාරි 24 වන දින පෙන්සිල්වේනියාවේ උපත ලැබූ ස්ටීව් මැක්කරි නම් ඇමෙරිකානු ඡායාරූප ශිල්පියා ඉතාම දක්ෂ කැන්ඩිඞ් ඡායාරූප ශිල්පියෙකි. කැන්ඩිඩ් ඡායාරූප යනු පෙර සූදානමකින් තොරව ගනු ලබන ඡායාරූප යි. National Geographic සඟරාවේ ඉතිහාසයෙහි පළ වූ හොඳම ඡායාරූප 100 අඩංගු පොතෙහි කවරයට තේරුණු ඡායාරූපය ස්ටීව්ගේ ය. ඇෆ්ගන් මෝනාලිසා නමින් හඳුන්වන මෙම ඡායාරූපය ලබා ගැනුමට ස්ටීව් අනුගමනය කළ ක්‍රමය කැමරාව අතේ තියාගෙන හොඳම ඡායාරූපය ගන්න කල් මරන ඡායාරූප ශිල්පීන්ට අගනා පාඩමකි. අහම්බෙන් ඡායාරූපයට නැගීමෙන් අනතුරුව ඇෆ්ගන් මොනාලිසා ලෙසින්  ලොව ප්‍රසිද්ධියට පත් වූයේ 1985 ජුනි මස National Geographic සඟරාවේ මුල්පිටුවේ පළවූ පසුවයි.

Afghan Girl (webneel.com)
2. ලී ජෙෆ්රිස් (Lee Jeffries)
Lee Jeffries (lomography.com)
ගණකාධිකාරිවරයෙකු වූ ජෙෆ්‍රීස් පළමුවෙන්ම ඡායාරූප ගැනීම ඇරඹුවේ 2008 වසරේ ලන්ඩනයේ සැරි සරද්දීය. වීදියේ වෙසෙන ජනතාව සමාජයේ අවධානයට ලක් වන්නේ කලාතුරකිනි. ආධුනික ඡායාරූප ශිල්පි ලී ජෙෆ්‍රීස් විසින් වීදි ජනතාව සිය කැමරා කාචයට හසු කර ගැනීම සිය ඡායාරූපකරණයෙහි කේන්ද්‍රය බවට පත් කරගෙන ඇත. ඔහු යුරෝපයෙහි සහ ඇමරිකාවෙහි වෙසෙන වීදි වැසියන් ඇසුරෙන් කෙනෙකු "හොල්මන් කරවන්නටසමත් ආලේඛ්‍යය ඡායාරූප රැසක් ඡායාරූපගත කොට ඇත. සෑම මුහුණක්ම ඉතා සවිස්තරව සහ අතිශයින් හැඟීම්බරව නිරූපණය කොට ඇත්තේ මිනිස් මුහුණු වල විශේෂයෙන් ඇස් ඉස්මතු කරවමිනි. නිවාස නොමැති ජනතාවගේ, කළු හා සුදු ආලේඛ්‍යය ඡායාරුප ඔහුගේ එකතුවෙහි සුවිශේෂී හා ආකර්ෂනීයව කැපී පේනවා.
Latoria por by Lee (huffingtonpost.es)
3. ජිමී නෙල්සන් Jimmy Nelsson

Jimmy Nelsson Jimmy(wikipedia.org) 
ජිමී ගේ අභිලාෂය හා මෙහෙවර වන්නේ දේශීය සංස්කෘතීන් සඳහා සංකේතාත්මක හා කලාත්මක ලියවිල්ලක් සැකසීමයි. මෙම කාරණාව අරමුණු කර ගනිමින් 2010 වසරේ සිට අද දක්වා ඔහු සුවිශේෂීතම දේශීය සංස්කෘතීන් සමහරක් ලේඛනගත කිරීමට ලොව පුරා ගමන් කරයි. රටවල් 16 කට වඩා වැඩි ගෝත්‍රික හා ආදිවාසී ජනයා සම්බන්ධයෙන් ඔහුගේ Portrait ඡායාරූප ප්‍රසිද්ධ වේ. ජිමී නෙල්සන් උත්සහ කරන්නේ කුතුහලය හරහා පිළිතුරු සෙවීමටයි. ඔහු වර්ණ හා සැරසිලි සඳහා ඇල්මක් දක්වයි. සිත්තම් කළ සිරුරු පිරිසිදු ජීවිත දර්පණයන් සේ දකී.
(alchetron.com)
4. රේහාන් (Rehahn)

Portrait of Rehahn (wikipedia.org)
රේහාන් ගේ ඡායාරූපවල වියට්නාමය, රාජස්ථානය සහ කියුබාව යන රටවල් මත විශේෂයෙන් අවධානය යොමු වේ. ප්‍රංශ ඡායාරූප ශිල්පියකු වන ඔහු වසර ගණනාවක සිට වියට්නාමය හරහා ගමන් කරමින් කලාත්මක ඡායාරූප ගනිමින් සිටී. රටවල් 35 කට අධික ප්‍රමාණයක සංචාරය කරමින් ඡායාරූප ලබා ගැනීමට සමත් වී ඇත. බොහෝ විට ඔහුගේ ඡායාරූපවල සිටින්නවුන්ගේ සිනහව ඔවුන්ගේ අත් වලින් සඟවා ඇත. අතින් වසා ගනිමින් සඟවාගත් සිනහව ඇතුළත් ඡායාරූප සියයකට අධික ප්‍රමාණයක් ඇතුලත් ආලේඛ්‍ය ඡායාරූප ප්‍රදර්ශනයක් පවත්වා ඇත. සංස්කෘතිය, සම්ප්‍රදාය සහ විවිධ ප්‍රදේශ වල ජීවත් වන්නන්ගේ ජීවිතය ආදිය කැමරා කාචයේ සටහන් කර ඇත. මොහු උත්සහ දරන්නේ ඡායාරූප තුළින් "සතුටයන වචනයේ අර්ථය සොයා ගැනීමට වන අතර රේහාන්ගේ එම ප්‍රයත්නය තුළ වියට්නාමය, ලෝකයේ ප්‍රීතිමත් ම ජනතාව අතරට පැමිණියා වූ සත්‍යය ගැබ් වී ඇත.

වියට්නාමයේ සැඟවුණු සිනහව ‘Hidden smile of Vietnam’ (pinterest.com)

5. එරික් ලෆාර්ජ් (Eric Lafforgue)

Eric Lafforgue (public-republic.com)
1964 දී උපත ලද එරික් සඟරා සඳහා ඡායාරූප ගැනීමට සංචාරය කළ ප්‍රංශ වෘත්තීය ඡායාරූප ශිල්පියකු වේ. ඔහුගේ ලිපි වලට තේමා වුණු සංචාරය කිරීමට අවසර ලබා දී නොමැති ප්‍රදේශ ලෙසින් සලකන උතුරු කොරියාව හා සෝමාලියාව ආදී රටවල් වල සංස්කෘතිය හා ජීවිත සමඟ බැඳි දේ පවා මොහු අසීරුවෙන් ඡායාරූපගත කර ඇත. 2014 වර්ෂයේ දී මොහු විසින් ඡායාරූපගත කළ බොහෝමයක් ඡායාරූප ප්‍රචාරණය තහනම් කර ඇත. විවිධ හේතු මේ සඳහා පවතී. එසේ තහනම් කරන ලද ඡායාරූල අතර ළමයින් කම්කරු සේවයේ යෙදවීම්, අනුභව කිරීම සඳහා තෘණ ශාක උගුලන මිනිසෙකුගේ ඡායාරූපයක්, සොල්දාදුවන් පිරිසක් අක්‍රිය වූ බස් රථයක් තල්ලු කරන ඡායාරූපයක්, උතුරු කොරියානු සොල්දාදුවන්ට අගෞරව සිදුවනවා යැයි  සහ ඔවුන්ගේ කෝපයට හේතු වන ඡායාරූප ආදී ඡායාරූප රැසක් විය.
Miss Kim I Sim in Pyongyang/ප්යොංයැන්ග්හි මිස් කිම් (ericlafforgue.com)

boredpanda.com ඇසුරිනි.
ඉතිරිය 02 කොටසින් .....